සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හාන්ස් ගේ ප්‍රධානත්වයෙන් ICTA අධ්‍යක්ෂ මණ්ඩල පළමු රැස්වීම අද!

by editor
නොවැම්බර් 13, 2024
in පුවත්
hans-wijesooriya
Share on FacebookShare on Twitter

අභිනවයෙන් පත්වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ පළමු රැස්වීම අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැන්වීමේ අභිලාෂයෙන් ජනාධිපතිවරයා විසින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කරන ලද ආචාර්ය හාන්ස් විජයසූරිය එහි විධායක නොවන සභාපති ලෙස කටයුතු කරයි.

සංජය කරුණාසේන, හර්ෂ පුරසිංහ, චන්දිම කුරේ, බන්ධුල රණතුංග, ජිෆ්රි සුල්ෆර්, සාමිස අබේසිංහ, ශානක රෙබෙල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ වෙති.

ආචාර්ය හාන්ස් විජයසූරිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) විධායක නොවන සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්‍ෂේත්‍රයේ වසර 30කට වැඩි කාලයක් සේවයේ නිරත වේ. සම්මානලාභී කර්මාන්ත සඳහා සිය දායකත්වය සපයා ඇති ඔහු කේම්බ්‍රිජ්, බ්‍රිස්ටල් සහ වෝර්වික් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ඇති අතර Unique Digital Identity වැඩසටහන වැනි මුල පිරීම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ද ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටී. ආචාර්ය විජයසූරිය මහතා Axiata, GSMA වැනි අන්තර්ජාතික සමාගම් සහ Sri Lankan Airlines ඇතුළු කැපී පෙනෙන සංවිධාන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩලවල ද සේවය කර ඇත.

සංජය කරුණාසේන

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංජය කරුණාසේන ඩිජිටල්කරණය රාජ්‍ය පාලනයට භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන්නකු වන අතර, ඔහු විධායක උපදේශකවරයෙකු, ව්‍යවසායකයෙකු, Enterprise Software Architect වරයෙකු සහ බහු නිපුණතා සහිත තාක්ෂණවේදියෙකු ද වේ. ක්ෂේත්‍රය තුළ වසර 26 ක පළපුරුද්දක් ඇති ඔහු Virtusa සහ WSO2 වැනි ගෝලීය මෘදුකාංග සමාගම් හි සේවය කර තිබේ. 2008 සිට 2013 දක්වා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන තාක්ෂණ නිලධාරියා ලෙස සේවය කර ඇති අතර Nimbus Venture (Pvt) Ltd, Pontoon (Pvt) Ltd, සහ Digital Democracy Collective හි සම-නිර්මාතෘවරයා ද වේ. සංජය කරුණාසේන මොරටුව විශ්වවිද්‍යාලයෙහි පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයකු සහ පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයකු වේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

හර්ෂ පුරසිංහ

හර්ෂ පුරසිංහ ප්‍රමුඛ තාක්ෂණ ව්‍යවසායකයෙක් සහ Eisenhower Fellow සාමාජිකෙයක් වන අතර, සැලකිය යුතු මෘදුකාංග නිෂ්පාදන සහ විසඳුම් නිර්මාණය කිරීමේ වසර 25කට අධික පළපුරුද්දක් ඔහු සතුයි. ඔහු බොහෝ ව්‍යාපාර ආරම්භ කර ඇති අතර, ඒ අතරට 90 දශකයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක උසස් පාසල් ආරම්භක ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි මයික්‍රොඉමේජ් සමූහය (Microimage) සහ MiHCM සහ Futura Tech Labs හි නිර්මාතෘ/සම-නිර්මාතෘ යන තනතුරු ද ඇතුළත් වේ. පුරසිංහ වර්තමානයේ MiHCM හි නායකත්වය දරන අතර, එය රටවල් 20කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන සහ සමාගම් 1,000කට අධික සංඛ්‍යාවකට බලපෑම් කරන ගෝලීය සම්මානලාභී HRTech SaaS සමාගමකි. 2007 වසරේදී ඔහුට “ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යවසායකයා” සම්මානය සහ 2014 වසරේදී “Eisenhower නවෝත්පාදන ශිෂ්‍යත්වය” හිමි විය. ඉතා ගෞරවනීය කර්මාන්ත නායකයෙකු ලෙස, හර්ෂ පුරසිංහ නිතිපතා ගෝලීය තාක්ෂණ වැඩසටහන්වල දේශකයෙක් ලෙස සම්බන්ධ වේ.

චන්දිම කුරේ

චන්දිම කුරේ සෞඛ්‍ය සේවා, නිෂ්පාදන සහ සැපයුම් දාමය වැනි විවිධ කර්මාන්ත තුළ ව්‍යාපාර පරිවර්තනයක් ඇති කිරීම සඳහා තාක්‍ෂණය උපයෝගී කර ගැනීම පිළිබඳ වසර 25 කට වඩා වැඩි පළපුරුද්දක් සහිත පුද්ගලයෙකි. මේ වන විට, ඔහු Acornic Ventures හි හවුල්කරුවෙකු වන අතර Ayubo.life නැමැති ඩිජිටල් සෞඛ්‍ය සමාගමේ සම-නිර්මාතෘවරයා ද වේ. මීට පෙර, ඔහු හේමාස් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන ඩිජිටල් නිලධාරියා ලෙස සේවය කර ඇති අතර ඔවුන්ගේ ඩිජිටල් මුලපිරීම් සහ නවෝත්පාදන ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යමින් ඉමහත් සේවාවක් සිදු කර තිබේ. චන්දිම කුරේ විසින් ඉහළ පෙළේ ආයතන රැසකින් විධායක අධ්‍යාපනය හදාරා ඇති අතර යුනිලීවර් සහ මාස් හෝල්ඩිංග්ස් වැනි ප්‍රමුඛ පෙළේ ආයතන්හි උසස් තනතුරු හොබවා ඇත.

බන්දුල රණතුංග

බන්දුල රණතුංග ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීම සහ ඩිජිටල් පරිවර්තනය පිළබඳව වසර 20 කට වැඩි පළපුරුද්දක් ඇති රාජ්‍ය නිලධාරියෙකි. ඔහු රාජ්‍ය අංශයේ ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය පිළබඳව විශේෂඥයෙකි. රාජ්‍ය පරිපාලනය පිළිබඳව සහ ඊ-රාජ්‍යකරණය පිළිබඳව ශ්‍රාස්ත්‍රපති උපාධිධාරයෙක් වන බන්දුල රණතුංග පළාත් පාලනය, සුහුරු නගර සඳහා මුල පිරීම, සෞඛ්‍ය සේවය, මගී ප්‍රවාහන සේවා සැපයීම, වැවිලි කර්මාන්ත ක්‍ෂේත්‍රය, පරිගණක යෙදවුම් ස්වදේශීය භාෂාකරණය, රාජ්‍ය අංශයේ පරිගණක සාක්‍ෂරතා ප්‍රවර්ධනය ආදී ක්‍ෂේත්‍ර රාශියක ඩිජිටල්කරණ ව්‍යාපෘතිවල විවිධාකාර අත්දැකීම් ලබා ඇත. පළාත් පාලන අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), මැතිවරණ කොමිෂන් සභාව සහ කොළඹ මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන රාශියක ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇති බන්දුල රණතුංග උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ, ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය සහ රාජ්‍ය අංශය ඩිජිටල් පරිවර්තනය පිළබඳව බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරයි.

ජිෆ්රි සුල්ෆර්

ජිෆ්රි සුල්ෆර් මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) ඩිජිටල් පරිච්ඡේදයේ හිටපු සභාපතිවරයෙකි. මොහු, ශ්‍රී ලංකාවට මාර්ගගත කුලී රථ සේවා ක්‍රමය හඳුන්වා දෙමින් ඉතාමත් සාර්ථක ලෙස තාක්ෂණය පදනම් කරගනිමින් ආරම්භ කළ PickMe සේවාව නිර්මාණය කළ Digital Mobility Solutions Lanka Ltd හි නිර්මාතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වේ. ක්ෂේත්‍රය තුළ ඔහුගේ කැපවීම සඳහා 2018 වසරේ FCCISL හිදී වසරේ ශ්‍රී ලාංකේය ව්‍යවසායකයා සඳහා පිරිනැමෙන ජාතික රිදී සම්මානය ඔහු විසින් දිනා ගනු ලැබූ අතර 2014 අප්‍රේල් මාසයේ පැවති FCCISL හිදී වසරේ තරුණ ව්‍යවසායකයා සඳහා හිමි සම්මානය ද, 2006 දී ICTA තරුණ තොරතුරු තාක්ෂණ වෘත්තීය සම්මානය ද දිනා ගන්නා ලදී.

සාමිස අබේසිංහ

සාමිස අබේසිංහ මහතා AI, middleware තාක්ෂණයන්, full-stack සංවර්ධනය සහ නිෂ්පාදන කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකි. Avinya පදනමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇති මොහු අධ්‍යාපන ආයතන සඳහා ඩිජිටල් විසඳුම් නිර්මාණය කිරීමේ නායකත්වය දැරීය. එසේම ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ වෘත්තීය වැඩසටහන ද මෙහෙයවනු ලබන්නේ ඔහු විසිනි. ICTA හි විසඳුම් නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කර ඇති ඔහු WSO2 හි බෙදාහැරීමේ සහ ඉංජිනේරු සේවාවන්හි උප සභාපති භූමිකාවන් හොබවා ඇති අතර තාක්ෂණ උපදේශනය ද ඊට ඇතුළත් වේ. පරිගණක විද්‍යාව සහ ඉංජිනේරු පිළිබඳ උපාධිධාරියෙතු යන මොහු වෘත්තීය වර්ධනය සහ පුද්ගල සංවර්ධනය පිළිබඳව උපදේශකවරයකු ද වේ.

ශානක රෙබෙල්

ශානක රෙබෙල් ඩිජිටල් තාක්‍ෂණ විසඳුම්, උපදේශන සහ නායකත්ව භූමිකාවන් තුළ වසර 23 ක අත්දැකීම් සහ පළපුරුද්ද ඇත්තෙකි. වර්තමානයේ, ස්ට්‍රෙච්ලයින් හෝල්ඩිංග්ස් හි සමූහ ප්‍රධාන ඩිජිටල් සහ පරිවර්තන නිලධාරි වශයෙන් කටයුතු කරන මොහු එහි ඩිජිටල් දැක්ම සහ පරිවර්තනය සුහුරු සංවිධානයක් කරා මෙහෙයවමින් සිටී. ඔහු Industry 4.0, දත්ත විශ්ලේෂණ, ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය සහ ආරක්‍ෂිත API පරිසර පද්ධති පිළිබඳ විශේෂඥයෙකි. ශානක රෙබෙල් මොරටුව විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව සහ ඉංජිනේරු උපාධියක් ද, ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද, PMP සහතිකයක් ද ලබා ගෙන තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුඛෝපභොගී රථයක මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ජාවාරමුන් 04ක් පින්නදූව අධිවේගී පිවිසුමේ දි අත් අඩංගුවට…

Next Post

ඇමරිකා එක්සත් ජනපදය අරුගම්බේ ප්‍රදේශයට පැනවූ සංචාරක සීමාව ඉවත් කරයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.