ලලිත් චාමින්ද –
රුපියල් ලක්ෂ 200කට වඩා වීදි වටිනාකමක් සහිත අයිස් මත්කුඩු ග්රෑම් 205ක් සුඛෝපභෝගි මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි සිවු දෙනෙක් එම මත්කුඩු තොගය සමග අද (13) අළුයම දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ වළහන්දුව ප්ර දේශයේ දි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන අක්මිමන පොලිසියට භාරදි ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ,ග්රැන්ඩ්පාස්, මත්තෙගොඩ යන ප්ර දේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකි. විශේෂ කාර්ය බලකායට ලැබුනු විශේෂ තොරතුරක් මත මෙම හදිසි වැටලීම සිදුකර තිබිණි.
මොවුන් කෙළඹ නගරයේ සිට අයිස් මත්කුඩු රැගෙන මෙකි මෝටර් රථයෙන් වැලිගම බලා යමින් සිට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරුවන් පැමිණි සුඛෝපභෝගි කාර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) දින ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි







