පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06 ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ ඉල්ලීමක් කරයි.
එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග එම ඉල්ලීම කරන්නේ “නෙත් නිවුස් “ සමග විශේෂ සංවාදයකට එක් වෙමිනි.
සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තවත් දින 05කට අධික කාලයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල වරින් වර විදුලිය විසන්ධි විය හැකි බවත් විදුලි උඳුන් භාවිතය විදුලි ඉල්ලුම වැඩි සවස 6ට පෙර සිදු කරන්නේ නම් විදුලිය විසන්ධි වීම අවම කර ගත හැකි බවත්ය.
පෙරේදා දිනයේ මෙන්ම ඊයේ දිනයේද පස්වරු 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම බිඳ වැටී තිබිණි.
කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක බිඳවැටීමක් ඊට හේතු වී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා පවසයි.







