ශ්‍රියානි විජේසිංහ
හලාවත රෝහලේ බිම් මහලය සපුරා ජලයෙන් යටවී ඇති බැවින් එහි ඉහළ මහල්වල රැදී සිටින රෝගීන් බේරා ගැනීමේ මෙහෙයුම මේ වන විටත් ආරම්බ කර ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
රෝහල තුල ප්‍රතිකාර ලැබූ බිළිදුන් කීප දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන ඒම මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ලේකම්වරයා පැවසුවේය.
අනෙකුත් රෝගීන්වද එම ස්ථානයන්ගෙන් වෙනත් රෝහල් වෙත ගෙනයාමට අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම පැවසුවේය.
මීට අමතරව පේරාදෙණිය සහ මහනුවර රෝහල් ජලයෙන් යටවිම හේතුවෙන් එහි විදුලිය සහ ජලය විසන්ධි වී ඇති බවත් නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලුම දෙනාට ආහාර සහ පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇති ඇති බවද ලේකම්වරයා පෙන්වදේ.
මෙම තත්ත්වය කළමණාකරනය කර ගැනීම සඳහා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු එම ප්‍රදේශයට ගොස් ඇති බවත් ඔහු ප්‍රාදේශීය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් සමඟ එක්ව අදාල කටයුතු සිදුකරන බවද පැවසුවේය.
ජලයෙන් යටවූ මයියංගනය රෝහල මේ වන විට වතුර බැසයාමට පටන් ගෙන ඇත බැවින් එහි පිරිසිදු කිරිම් ආරම්බ කර ඇති බවත් එය කඩිනමින් පිරිසිදු කර යථා තත්තවයට පත්කර හදිසි සේවාවන් ආරම්බ කිරිමට කටයුතු කරන බවද වෛද්‍ය ජාසිංහ මහතා පවසා සිටියි.







