බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඉරණම කෙසේ විසඳේවිද……

by lankasara-editor
අප්‍රේල් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල – 

හමාස් සංවිධානය විසින් ඊයේ (28) සෙනසුරාදා දින ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුගේ, එනම් ඇමරිකානු ජාතිකයෙකු වන කීත් සීගල් සහ ඊශ්‍රායල ජාතික ඔම්රි මිරාන් ගේ වීඩියෝවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම වීඩියෝවේ සීගල් විසින්, හමාස් සංවිධානය සමඟ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුවක් සඳහා සාකච්ඡා කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් කරන ඉල්ලීමක් දැක්වෙනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වන දා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයක දී සටන්කාමීන් විසින්  මොවුන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

කීත් සීගල්, හමාස් සංවිධානය විසින් පැහැර ගැනීමට පෙර සහ ඊයේ නිකුත් කල වීඩියෝවේ ඔහු දැක්වෙන අයුරු
ඔම්රි මිරාන් හමාස් සංවිධානය විසින් පැහැර ගැනීමට පෙර සහ ඊයේ නිකුත් කල වීඩියෝවේ ඔහු දැක්වෙන අයුරු

හමාස් සංවිධානය මුදා හැරි වීඩියෝ පටය ඔවුන් රූගත කළේ කොතැනක ද, කවදාද යන්න පිළිබඳව විදෙස් මාධ්‍යයන් ට තවමත් තහවුරු කර ගැනීමට නොහැකි ව ඇති නමුත් වීඩියෝවේ දී ප්‍රාණ ඇපකරුවන් පසුගිය අඟහරුවාදා දින අවසන් වූ යුදෙව් පාස්කු උත්සවය සැමරීමට නොහැකි වූ බව පවසා තිබෙනවා. එමෙන්ම මිරාන් පවසන්නේ ඔහු දින 202 ක් එහි සිටින බවයි. ඒ අනුව හැඟවෙන්නේ වීඩියෝව රූගත කර ඇත්තේ බ්‍රහස්පතින්දා දිනයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සතිය මුලදී ද හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකුගේ ප්‍රකාශයක් සහිත වීඩියෝවක් නිකුත් කරන ලද අතර ඔහු ද ඔක්තෝම්බර් 7 වන දා පැහැර ගැනීමට ලක් වූ ඊශ්‍රායල ඇමරිකානු සම්භවයකින් යුත් හර්ෂ් ගෝල්ඩ්බර්ග් පොලින් නම් අයෙක්. එම වීඩියෝ පටයේ දී පොලින්ගේ වම් අතේ කොටසක් ඔහුට අහිමි වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හර්ෂ් ගෝල්ඩ්බර්ග් පොලින් ට ඔහුගේ වම් අතේ කොටසක් අහිමි ව ගොස් ඇති අයුරු

ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සංසද මූලස්ථානය විසින් නිකුත් කල වීඩියෝවක සීගල් සහ මිරාන් ගේ පවුල් වල සාමාජිකයන් හමාස් සංවිධානය නිකුත් කල නවතම දර්ශනවලට ප්‍රතිචාර දැක්වූ අයුරු සඳහන් වනවා.එහි දී ඔවුන් එලඹෙන මැයි 14 වන දිනට යෙදෙන නිදහස් දිනය වන විට ප්‍රාණ ඇපකරුවන්ට ආපසු පැමිණීම සඳහා ගනුදෙනුවක් ලබා ගැනීමට ඊශ්‍රායල රජයෙන් කඩිනම් පියවරක් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල සහ ඊජිප්තු බලධාරීන් සිකුරාදා දිනයේ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් එතෙක් නැවතී තිබූ සාකච්ඡා ඉදිරියට ගෙන ඒමේ උත්සාහයේ කොටසක් ලෙස ඊජිප්තු දූත පිරිසක්  ඊශ්‍රායලයේ සිටින බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය  පරිපාලනය ගැන ජනතා විශ්වාසය බිඳවැටිලා… සමීක්ෂණයකින් පසු සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගම කියයි!

Next Post

සීතා අම්මාන් කෝවිලේ අභිෂේක මංගල්‍යය වෙනුවෙන් ඉන්දියාවේ සරයු නදියේ පූජනීය ජලය මෙරටට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.