සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය සේවක වර්ජනය නිසා රුධිර කාන්දු පෙරණය කරගත නොහැකිව මිය ගිය රෝගියාගේ මරණ පරීක්ෂණය….

by editor
පෙබරවාරි 10, 2022
in පුවත්
death
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“සැමියා රෝහලේ නතර කළත්  රෝහල් සේවකයින්ගේ වර්ජනය නිසා  රුධිරකාන්දු පෙරණය කරගැනිමට බැරිවුනා.  රුධිරකාන්දු පෙරණය කරගැනිමට හැකිවුවා නම් මහත්තයා තවදුරටත්  ජිවත්කර ගැනිමට හැකි බව මගේ දැඩි විශ්වාසයයි.“

රුධිරකාන්දු පෙරණය කරගැනිම සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නතරව  සිටියදි මියගිය   දෙදරුපියකුගේ හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂිදෙමින්  මියගිය අයගේ බිරිදවන මුදලිගේ දොන් බර්ටි කල්‍යාණි ජයවිර (53) නැමැත්තිය එසේ කිවාය.

මියගොස් ඇත්තේ පේදුරුහේවගේ රංජිත් (55) නැමති අමරකිර්තිගම, බොරකන්ද කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි මහවැලිඅධිකාරියේ සේවය කරමින් සිටි ඉඩම් නිලධාරියෙකි. මියගිය ඉඩම් නිලධාරියාගේ හදිසි මරණ පරික්ෂණය ඊයේ (09) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක  චන්ද්‍රසේන ලොකුගේ   විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය.

 සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂිදෙමින් මෙසේද කිවාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මියගොස් ඇත්තේ මගේ සැමියා. අපිට දරුවන් දෙදෙනෙකු ඉන්නවා මහත්තයාට දැනට වසර 18ක සිට දියවැඩියාව තියෙනවා. දැනට වසර එකහමාරක  සිට හෘද හා අක්මා රෝගි තත්වයක් ආවා. මේ හැම රෝගයකටම ප්‍තිථිකාර ගත්තා. රෝහල්වල නතර වෙලත් හිටියා. සායනවලටත් ගියා. රෝග තිබුනත් ප්‍රතිකාර අරගෙන සාමාන්‍ය විදියට වැඩකරගෙන හිටියා. 

ඉකුත් වර්ෂයේ 2021 ජනවාරි මාසයේ සිට මහත්තයාට සතියෙන් සතිය රුධිර කාන්දු පෙරණය කළා. දැනට මාස තුනක පමණ කාලයක සිට සතියට දෙවතාවක් රුධිර කාන්දු පෙරණය කළා. ඉකුත් 30 වැනිදින මහත්තයාට කරපු පි.සි.ආර්. පරික්ෂණයෙන්   ඔහු පොසිට්ව් වෙලා තිබුනා. දින දෙකක් රෝහලේ ඉඳලා නිවසට ගියා. පසුව දින තුනකට පසු  කරාපිටිය රෝහලට ඇවිත් රුධිරකාන්දුපෙරණය කරගෙන ගියා. ඊට පස්සේ ඉකුත් 08 වැනිදි රුධිරකාන්දු පෙරණය කිරිම සඳහා කරාපිටිය රෝහලට ආවා.

රෝහල් සේවකයින්ගේ වර්ජනය නිසා රෝහලේ නතරවෙන්න කියා උපදෙස් දුන්නා. ඒ අනුව රෝහලේ 12 වාට්ටුවේ මහත්තයා නතර කළා. මහත්තයා රෝහලේ නතර කළත් රෝහලේ සේවකයින්ගේ වර්ජනය නිසා මහත්තයාට රුධිරකාන්දු පෙරණය කරගැනිමට බැරිවුනා. එදින  දහවල් හා රාත්‍රි ආහාරත් මහත්තයා අරගෙන තිබුනා. රාත්‍රි 7.30ට විතර මහත්තයා මාත් සමග දුරකථනයෙන් කථා කළා. රාත්‍රි 9.00ට විතර මහත්තයාගේ අල්ලපු  ඇදේ හිටපු  රෝගියා  දුරකථන ඇමතුමක් ලබාදෙමින් කිවා මහත්තයා මියගියා කියලා. 

මරණය ගැන සැකයක් නැහැ. නමුත් රුධිරකාන්දුපෙරණය කරගැනිමට හැකිවුවානම් මහත්තයා තවදුරටත්  ජිවත්කරගැනිමට හැකි බව මගේ දැඩි විශ්වාසය  කරණවා යැයිද සාක්ෂිකාරිය කිවාය.

පශ්චාත් මරණ පරික්ෂණය  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි  විසින් සිදුකළ  අතර  ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍යවාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා වකුගඩු අකර්මන්‍ය විමෙන් හා දියවැඩියා රෝගි තත්වය උත්සන්න වීමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය. 

මොහුට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවද පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා ඕෂධී කුරුප්පු දිවි සැරියෙන් සමු ගනී!

Next Post

තුන්වන වරටත් යාපනය සරසවි සිසුහු කා කොටා ගනිති… එක් අයෙක් රෝහලේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.