සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයෙත් ලේකම්වරයා ලෙස කටයුතු කිරීම හේතුවෙන් අදාල අමාත්‍යාංශ දෙකේම නිශ්චිත රාජකාරි නිසි ලෙස සිදුකරගැනීමට බැරිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයින් එහි ප්‍රතිඵල මේ වනවිට භුක්ති විඳිමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයෙක් ලංකාසරට පැවසීය.
සති දෙකක කාලයක් පෞද්ගලික සංචාරයක් සඳහා විදේශ ගතව සිටි සෞඛ්‍ය ලේකම්වරයට නැවත රටට පැමිණි පසු ඒ වනවිටත් ගොඩගැසී ඇති රාජකාරි නිම කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් කැප කිරීමට අවස්ථාවක් නැති බව ද එම ප්‍රකාශකයා පැහැදිලි කළේය.
මේ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ස්ථානමාරු, විශ්‍රාම ගැන්වීම, උසස්විම්, දේශීය හා විදේශිය පුහුණුවිම් ඇතුළු රාජකාරිමය කටයුතු බොහෝමයක් අතපසු වී ඇතැයි ද ඔහු පැවසුවේය.
පසුගිය මාර්තු 15 වෙනිදා සිට රාජකාරි කර ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාට ඉදිරිපත් කළ ලිපිගොනු තවමත් සෞඛ්‍ය ලේකම්වරයාගේ මේසය මත ඒ අයුරින්ම තිබෙන බැවින් එම රාජකාරි කර ගැනීමට බලා සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද ඔහු හෙළි කළේය.
සෞඛ්‍ය ලේකම්වරයා අමාත්‍යංශ දෙකක ලේකම් තනතුරු දැරීමෙන් ආයතන දෙක තුළම ගැටලු ගණනාවක් පැනනැගී ඇති බැවින් ලේකම්වරයාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යශයට පමණක් අනුයුක්ත කරන්නැයි ද එසේ කළ නොහැකි නම් සෞඛ්‍ය අමාත්‍යංශයට කාර්ය ශූර්ය වෙනත් ලේකම්වරයෙක් පත් කරන්නැයිද සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමට සෞඛ්‍ය සේවකයින් කටයුතු කරමින් සිටින බව එම ප්‍රකාශකයා කීවේය.







