බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IPL තරගාවලිය උඩු යටිකුරු කළ 14 හැවිරිදි පොඩි එකා!

by editor
අප්‍රේල් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට ක්‍රිකට් ලෝකයම අවුරුදු 14ක පුංචි එකෙක් ගැන කතා කරමින්ය. තවම දැළි රැවුලවත් මෝදු නොවනු මේ පොඩි එකා ලෝකයේ ක්‍රිකට් දැවැන්තයින්ට වඩාගෙන පහර දුන්නේය. පන්දු 38ක දී ලකුණු 101කි.

ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් සැනකෙළිය වූ IPL හි 2025 සංස්කරණය ලෝකයට අමතක නොවන මතකයක් කළ මේ පොඩි එකා වෙයිභව් සූර්යවංශී ය.

අද ජායිපූර්හිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජාස්ථාන් රෝයලස් කණ්ඩායම අතර තරගය පැවැත්විනි. කාසියේ වාසිය දිනුවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ රියාන් පරාග්ය. ඔවුහු පන්දු රැකීම තේරූහ.

ඔවුන්ට ප්‍රතිවාදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලෝ ප්‍රකට ක්‍රිකට් දැවැන්තයින්ගේ කඳවුරක් වැනිය. එම කණ්ඩායම ශුබ්මන් ගිල්, ජොස් බට්ලර්, වොෂින්ටන් සුන්දර්, රෂීඩ් ඛාන්, මොහොමඩ් ශිරාජ්, වැනි ක්‍රීඩකයින් මෙන්ම මෙතෙක් මේ තරගාවලිය වර්ණවත් කළ සායි සුදර්ශන් වැනි තරුණයෝ ද බළමුලු බැඳගත් තැනකි. එම බලය ප්‍රකට කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දු ඕවර 20 තුළ කඩුළු 04කට ලකුණු 209ක් ලැබූහ. නායක ශුබ්මන් ගිල් පන්දු 50ක දී ලකුණු 84කි. ජොස් බට්ලර් පන්දු 26ක දී ලකුණු 50කි. සායි දුර්ශන් පන්දු 30ක දී ලකුණු 39කි.

IPL නොවේ නම් විස්සයි 20 තරගයක දී ලකුණු 209ක් යනු හීනයක් තරම් දුරකි. ලකුණු 210ක ඉලක්කයක් සොයාගෙන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා එන්නේය. එකෙක් ලෝකයම දන්නා දළකාර තරුණයා ඉන්දීය ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුගේ වගකීම ඉටු කරන 23 හැවිරිදි යශස්වී ජයිස්වාල්ය. අනෙක් අන්තයෙන් තවම කටේ කිරි සුවඳ නොගිය ක්‍රිකට් ලෝකයේ කුතුහලය දිනා ගත් 14 හැවිරිදි පොඩි එකා වෙයිභව් සූර්යවංශී ය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඒ තරුණයින්ගේ පිතිකරණය අප විශ්වාස කරන පරිදි ක්‍රිකට් ලෝකය මවිත කළේය. 14 හැවිරිදි සූර්යවංශී අප දැක්කේ මහා පතාක යෝධයෙක් ලෙසය. මේ පොඩි එකා අද IPL ඉතිහාසය වෙනස් කළේය. ඔහු අද ශතකයක් වාර්තා කළේය. ඒ පන්දු 35කිනි. පන්දු 35කින් ශතකයක් ලබා ගත් මේ 14 වියැති පොඩි එකා වාර්තා කලේ IPL ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය‍ ය. සූර්යවංශි ලෝකයේ පිරිමි T20 ක්‍රිකට් ක්‍රීඩාවේ ශතකයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්විය.

ඔහුගේ ලකුණු 101ට හයේ පහර 11කි. හතරේ පහර 07කි. IPL ඉතිහාසයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ඉනිමකදී වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයා සූර්යවංශීය. එමෙන්ම වෙයිභව් සූර්යවංශී ය සහ යශස්වී ජයිස්වාල් අතර පළමු කඩුල්ල සඳහා ගොඩනැගෙන සම්බන්ධතාවය ලකුණු 166කි. මේ සම්බන්ධතාව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ඉතිහාසය තුළ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස් කළ වැඩම ලකුණු ප්‍රමාණය ය.

ඒ සියල්ලසේම 2025 ක IPL තරගාවලිය සඳහා සූර්යවංශී මිලදී ගන්නේ ඉන්දීය කෝටි 1.1කට ය. ඔහු IPL ඉතිහාසයේ කණ්ඩායමක් විසින් මිලදී ගත් ලාබාලම ක්‍රීඩකයා ය.

වෙයිභව් සූර්යවංශී දැනටමත් ඉන්දියානු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නේය. වෙයිබව් ඕස්ට්‍රේලියාවේ 19න් පහළ කණ්ඩායමට එරෙහිව දින හතරක තරගයකදී පන්දු 58 කින් ශතකයක් රැස් කර තිබුණි. ඔහු 2024 දී ACC 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායමේ සාමාජිකයෙකු ද වූ අතර එහිදී ඔහු ලකුණු 176ක් රැස් කළේ සාමාන්‍ය 44ක් ලෙසයි.

බිහාර්හි පැවති 19න් පහළ තරගාවලියක් වන රන්ධීර් වර්මා තරගාවලියේදී සූර්යවංශි නොදැවී ලකුණු 332ක් ලබා ගනිමින් ත්‍රිත්ව ශතකයක් ලබා ගත්තේය.

ලකුණු 209ක ඉලක්කයක් රාජස්ථාන් රෝයලස් කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 15ක් තුළය. වෙයිභව් සූර්යවංශී ඒ මහා මෙහෙයුමේ ගෞරවනීය අනාගත සංකේතය ය. ඔහු පන්දු 35ක දී ලබා ගත් ශතකය මේ මහා ගමනට අත්තිවාරමක් වූයේය. තරගයේ වීරයා සූර්යවංශී ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ලේකම් ජනමාධ්‍ය ලේකම් ලෙසත් වැඩ කිරීමෙන් අමාත්‍යාංශ දෙකේම වැඩ ඇනිලා…

Next Post

ආණ්ඩු ගන්න නෙමෙයි සජිත්… ඔයාගේ විපක්ෂ නායකකම බේරගන්න බලන්න… ටී.බී සරත්

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.