ශ්‍රියානි විජේසිංහ –
පශු වෛද්‍යවරුන්ටම වෙන්වුණ සේවා ව්‍යවස්ථාවක් සාදා දෙන තෙක් මාසිකව නිකුත්කරන සත්ත්ව නිෂ්පාදන මාසික වාර්තාවන් නිකුත් කිරීම ලබන මස සිට නවතා දැමීමට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කරයි.
තම සේවා ව්‍යවස්ථාවට සංවර්ධන නිලධාරින්ද ඇතුළත්ව ඇති බැවින් එය පශු වෛද්‍යවරුන්ගේ උසස්වීම්, දීමනාවන්, වැටුප් වැඩිවීම් ලබා ගැනීමට නොහැකි තත්තවයක් උදාවි ඇති බැවින් පශු වෛද්‍යවරුන්ටම වෙන්වුණ සේවා ව්‍යවස්ථාවක් සකස් කර දෙන මෙන් පශු සම්පත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් කීප අවස්ථාවකදීම ඉල්ලු නමුත් එය ඉටුකර දීමට ඔහු කටයුතු නොකළ බව සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර පැවසුවේය.
රටතුල නිෂ්පාදනය කරන්නා වූ මස්, බිත්තර හා කිරි නිෂ්පාදනයන්ගේ මාසික වාර්තාවන් අමාත්‍යංශය වෙත නොයැවීමෙන් රට තුළ නිෂ්පාදනය කරන සත්ත්ව ආහාර පිලිබඳව නිවැරදි තොරතුරක් ලබා ගැනීමට නොහැකි වන බවත් මේ හේතුවෙන් රටට හිඟවන සත්ත්ව නිෂ්පාදනයන් ආනයනය කිරිමේදී ගැටලු මතුවන බවත් වෛද්‍ය උපුල් පෙන්වාදේ.
පශු වෛද්‍යවරුන්ටම වෙන් වුණ සේවා ව්‍යවස්ථාවක් සකස් කර දෙන මෙන් දිිගින් දිගටම කළ ඉල්ලීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු නොකිරීමට හේතුවෙන් පසුගිය 9 වෙනිදා දීපව්‍යාප්තව සංකේත වැඩ වර්ජනයක් සිදුකළ නමුත් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලබා නොදුන් බවද හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් මේ වන විටත් රජය ගෙන යන සංවර්ධන ව්යාපෘතීන්ගෙන්ද පශු වෛද්‍යවරු ඉවත්ව සිටින බවද හෙතෙම ලංකාසර කළ විමසුමකදී කීය..







