ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ උවමනාව මත එම රෝහලට අනුයුක්ත කර ගත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි අම්පාර රෝහල වෙත මුදාහැර ඇතත් ඇය තව දුරටත් එම රෝහල තුළම රැඳී සිටීමට ඉල්ලා ඇතැයි වාර්තාවේ.
කරාපිටිය රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අවශ්‍යතාව මත මෙම වෛද්‍යවරියට අනීතික ලෙස කරාපිටිය රෝහල තුළ දින 3ක් සහ බලපිටිය රෝහල තුළ දින 2ක් වශයෙන් රාජකාරි කිරීමට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු කර තිබෙන බවත් ඔහු එම අනීතික මැදිහත්වීම සිදුකරන්නේ කරාපිටිය රෝහල් අධ්යක්ෂවරයා විසින් සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍යවරයාත් දැනුම්වත්ව සිදුකළ ඇයව අම්පාර රෝහලට මුදා හැරි පසුබිමකදී බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
කෙසේ නමුත් අම්පාර රෝහලට මාස ගණනාවක සිට අධිකරණ වෛද්‍යවරයෙක් නොමැති වීමෙන් ගැටලු ගණනාවක් මතුව තිබෙන පසුබිමක සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඇයව අම්පාර රෝහල වෙත පසුගිය 23වන දින සිට මුදා හැර තිබිණි.
එසේ මුදාහැර තිබියදී බලපිටිය රෝහලේ ඉතිරි වී ඇති වැඩකොටස් සම්පුර්ණ කිරීමට සහ ඇයගේ පෞද්ගලික හේතුවත් මත යැයි පවසමින් තවදුරටත් බලපිටිය රෝහලේ රැදීසිටිමට අවසර ඉල්ලා ඇති බව පැවසේ.
මේ අතර ගාල්ල කරාපිටිය රෝහල් අධ්යක්ෂවරයා ඇයව එම රෝහලේ රාජකාරිවලින් නිදහස් කර ඇති බවට ලිඛිතව දැනුම් දී ඇතැයිද වාර්තාවේ. මෙම නිදහස් කිරිම සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේද දැනුවත් වීම මත සිදුකල එකක් බවද පැවසේ.
වෛද්‍යවරයෙක් රෝහලකින් නිදහස් කළ පසුව කිසිසේතම නැවත එම රෝහලට අනුයුක්ත කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි.







