සේරුනුවර මහින්දපුර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දහතුන් දෙනෙකු තුවාල ලබා තිබේ.
අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ලිස්සා ගොස් පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අද ( 25) උදෑසන 7:00 ට පමණ සුඛෝපභෝගී බස් රථයේ රියදුරු අනතුරක් වැළැක්වීම සඳහා හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම අනතුර සිද්ධ වී තිබේ.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මුතූර් සහ සේරුනුවර රෝහල්වලට ඇතුළත් කරන ලදී.







