රාගම කුරුකුලාව ප්‍රදේශයේ අතහැර දැමූ මෝටර් රථයක් තුළ ටී-56 ගිනි අවියක් සහ මැගසින් දෙකක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබා දුන් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කැළණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 35 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය. විමර්ශන අංශ සැක කරන්නේ මේ ගිනි අවි සිද්ධිය සම්බන්ධව කුප්‍රකට අපරාධකරුවෙක්වන දිප්පිටිගොඩ ළහිරුගේ සම්බන්ධයක් අති බවය.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයේ නියෝගය යටතේ වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.
දෙසැම්බර් 23 වන දින රාගම කුරුකුලාව ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ටී-56 ගිනි අවියක් සහ පතොරම් මැගසින් දෙකක් සොයා ගැනීමත් සමඟ මෙම විමර්ශනය ආරම්භ විය.
ලැබුණු තොරතුරක් මත සොයා ගත් වාහනයේ ව්‍යාජ බලපත්‍ර තහඩු තිබූ බව පොලිසිය සඳහන් කරයි. නත්තල් සමය තුළ යම් ව්‍යසනයක් නිර්මාණය කිරීම සඳහා උත්සාහයක් මෙම අපරාධ සැලසුම පසුපස තිබුණේ දැයි විමර්ශන අවධානයට ලක් වී ඇත.







