බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීසීඩියේ වැලිගම අපරාධය වහන්න පොලිස් ගේමක්….

by editor
ජනවාරි 2, 2025
in පුවත්
Police
Share on FacebookShare on Twitter

වැලිගම ප්‍රකට සංචාරක හෝටලයක් වූ W15 හෝටලයට වෙඩි තියන්නට ගොස් වැලිගම පොලිසියෙන් වෙඩි කා මැරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ කුප්‍රකට පාතාල ගනුදෙනුව සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක වීමත් සමගම එම විමර්ශන යට ගැසීම සඳහා පොලිසිය අභ්‍යන්තරයෙන්ම විශාල කුමන්ත්‍රණයක් දියත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

සිද්ධිය සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට ගොස් විමර්ශන වළක්වා ගැනීම සඳහා මේ වනවිට කටයුුතු කරමින් ඇතැයි එම තොරතුරු අනාවරණය කරයි. කොළඹ අපරාධ කොට්ඨාසය යොදවාගෙන අනීතික මැරකම් කිරීම සම්බන්ධව චෝදනා එල්ල වුන මේ සිදුවීමට අදාලව යට ගසා තිබූ විමර්ශන යළි ආරම්භ කිරීමට තීරණය කරන්නේ පසුගිය සැප්තැම්බර් මස අගදී ය.

වැලිගම සිද්ධිය

පසුගිය වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදා වැලිගම නව ගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක් වූ W15 හෝටලයට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වෙඩි තිබ්බේය. ඉන් එක් නිලධාරියෙක් මිය ගියේය. මිය ගියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙක් වූ උපුල් චමින්ද කුමාර (46) ය.

දිවයිනේ පළාත් කීපයක පවතින W15 හෝටල් ජාලය හිමිකරුවා   ඒ.ජේ.එම් මුසම්මිල් ගේ  පුත්‍රයාය . වාර්තා වූ පරිදි සිද්ධිය මෙසේය.

දෙසැම්බර් 31 වැනිදා අළුයම කේ.ඩී.එච්. වෑන් රථයකින් පැමිණි පිරිසක් වැලිගම නව ගාලු පාරේ පෑලෑන වටරවුම අසල  පිහිටි W15 හෝටලය තුළට ගොස්  වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කළහ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එම අවස්ථාවේ දී ඊට නුදුරින් ඒ දිනවල ක්‍රියාත්මකවුන මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල යෙදෙමින් සිටි වැලිගම පොලිසියේ ජංගම පොලිස් රථය  වෙඩි ප්‍රහාර එල්ල කළ කේ.ඩී.එච් රථය හඹා ගියේය. පොලිස් ජංගම රථය මාර්ගය හරස් කර වෑන් රථය නැවැත්වීමට උත්සාහ කරද්දී වෙට්ටුවක් දැමූ කේ.ඩි.එච් රථය පලා ගියේය. වැලිගම පොලිසිය ජංගම රථය හඹාගෙන ගොස් වෑන් රථයට වෙඩි තැබුවේය.

අනතුරුව වැලිගම පොලිසිය විසින් මෙම පලා යන රථය සම්බන්ධව සියලුම තොරතුරු පොලිස් ස්ථාන ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව පලා ගිය රථය ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී අධිවේගී මාර්ග ආරක්ෂක පොලිසිය විසින් නැවැත්වූයේය. නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ කළේය.

ඒ අවස්ථාවේ දී රථයේ සිටින කණ්ඩායම තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ බව දන්වා හැඳුනුම්පත් ඉදිරිපත් කළත් එතැනින් ප්‍රවේශවීමට පොලිසිය ඉඩ දුන්නේ නැත. එහෙත් ඒ අතර උසස් පොලිස් නිලධාරියෙකුගෙන් එන නියෝගයක් පරිදි මෙම පිරිස මුදා හැරීමට අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරීන්ට සිදුවූයේය.

මේ අතර වෙඩි වැදුන සැරයන්වරයා අධික රුධිර වහනය නිසා මිය ගියේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කළේය.

පසුව විමසීමේ දී මෙම කේ.ඩී.එච්. වෑන් රථයේ  පැමිණ W15 හෝටලට වෙඩි තබා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් බව හෙළි වූයේය.

සිදුවූයේ කුමක්දැයි පොලිසිය ද සිටියේ වික්ෂිප්තය. එවකට සිටි පොලිස්පති දේශබන්දු තෙන්කොන් ගේ නියොගය පරිදි තොරතුරු පිටතට යෑම වළක්වා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් දරමින සිටියේය.

බරපතල සැකය

මෙම සිද්ධිය ඇති වන්නේ පොලිසියටම පාතාලයෙන් වෙන් කර පොලිසිය හඳුනා ගත නොහැකි වීමය. කොළඹ අපරාධ කොට්ඨාසයේ (සී.සී.ඩී)  නිලධාරීන් වැලිගම ගොස් සිදුකළා යැයි කියන  මෙහෙයුම  සම්බන්ධව බරපතල පරස්පරතා රැසක් මතුවන්නේ ඒ අතරය.

සිද්ධියේ අපරාධ විද්‍යාත්මක සාක්ෂි සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ නිල ප්‍රකාශ සපුරා පරස්පර විය.

වෙඩි ප්‍රහාරයට ලක් වීමේ සිද්ධිය වනවිට  වෑන් රථය තුළ 07 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගමන් කර තිබිණි. දෙදෙනෙකුට පමණක් වෙඩි වැදුනේය. ඒ වැලිගම දිසා රෝහලට විනාඩි 10ක දුරකිනි. එහෙත් වෙඩි වැදුන නිලධාරීන් පැය 2කුත් විනාඩි 20ක් යනතුරු  රෝහල් ගතකිරීමට කටයුතු කර තිබුණේ නැත. පලා එන්නට කළ උත්සාහය පමණක් ප්‍රමුඛ වූ බව සහතික වන්නේ වෙඩි වැදුන නිලධාරීන් සුවසැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට යොමු කරන්නේ ඉමදූව අධිවේගී පිවිසුමේ සේවය කළ නිලධාරින් බව හෙළි විය.
කෙසේ වෙතත් මේ කුප්‍රකට සිද්ධිය සම්බන්ධව විමර්ශන මගහැරුනේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තියන බදු ගහනවා… අලුත් බදු එනවා… IMF ඉලක්කය අනුව හැම පුරවැසියෙකුගෙන්ම 1,36,000ක් අවුරුද්දට අලුතින් එකතු කළ යුතුයි… චම්පික ඇත්ත කියයි!

Next Post

කෘතිම බුද්ධිය හා පෞද්ගලික දත්ත: අනාගත අභියෝග

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.