පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ රජයේ තීරණයක් මත සිදු කරන ලද රුපියල් 50ක සීනි ආනයන බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමත් සමඟ සිදු වූ බව කියන රුපියල් බිලියන 16ක සීනි බදු වංචාව සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය සඳුදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණෙන ලෙස එවකට වෙළෙඳ අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධනට දන්වා තිබුණද අමාත්‍යවරයාට එදින එම කොමිසම හමුවට පැමිණ නැති බව සඳහන් වේ.
අමාත්‍යවරයා එදිනට තමන්ට පැමිණිය නොහැකි බවත් වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙතන් ඉලීමක් කර ඇතැයි ද අයිලන්ඩ් පුවත් පත වාර්තා කරයි.
2020/2021 වසරවල සිදුවූ මෙම දැවැන්ත ආදායම් පාඩු පිළිබඳව සොයා බැලීමට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට (CIABOC) එවකට වෙළෙඳ ඇමති, වත්මන් ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැඳවා තිබේ.
2020 ඔක්තෝබර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි කිලෝවක් සඳහා පෙර නොවූ විරූ ලෙස රුපියල් 50 සිට ශත 25 දක්වා බද්ද අඩු කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 16ක පාඩුවක් සිදුව ඇති බව රාජ්‍ය මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අමාත්‍යවරයාව 19 වැනි සදුදා කැඳවා ඇත.
මහා භාණ්ඩාගාරයට අයකරගත හැක්කේ රුපියල් බිලියන 16ක පාඩුවෙන් සියයට 30ක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමෙනතුවේදී පැවසිය.
තමන් වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළද මේ සම්බන්ධව තමාගෙන් කිසිසේත්ම අදහස් විමසීමක් නොකළ බවත්, තමාගේ දැඩි විරෝධය ජනාධිපතිවරයා විසින් නොසලකා හරින ලද බවත් අමාත්‍ය ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ බලයක් නොමැති ඇමතිවරුන්ගේ වියදමින් ‘උපදේශකයින්’ විසින් ද්වේෂසහගතව එම තීරණ ගත් බවය.
එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.
එවකට S. R. ආටිගල භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළේය.









