සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වළගම්බා රජුගේ කඩුව බව කියා කඩුවක් ලක්ෂ 45කට විකිණීමට ගිය පුද්ගලයින් 02ක් දැලේ…

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක ඇති ගල්තලාවක් බිඳ ගොඩගත්තේ යැයි කියනු ලබන  කඩුවක් වලගම්බා රජුගේපෞරාණික කඩුව බව කියා    රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙක්  අත්අඩංගුවටව පත් වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් ඊයේ (21)  කළ මෙහෙයුමකිනි.

කට්ටඬියෙක් සමග පුද්ගලයින් 15කට ආසන්න කණ්ඩායමක්  ගල්තලාවක කළ අනවසර කැණීමකින් මෙම පුරාවස්තුව සොයා ගත් බව සැකකරුවන් විමර්ශන අංශ වෙත පවසා තිබේ.

මේ සඳහා අධි තාක්ෂණික උපකරණත් යොදා ගෙන ඇති බව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

මෙම කඩුවට අමතරව තවත් පුරාවස්තු ප්‍රමාණයක් ද ඔවුන් විසින් මෙම ස්ථානයෙන් පැහැරගෙන ඇති බව සැකකරුවන් විමර්ශන අංශ වෙත පවසා ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් මෙම වැටලීම කරනු ලබන්නේ    කඩුව ලබාගත් පුද්ගලයින් දෙදෙනා එය  රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට ගැණුම්කරුවෙක් සොයමින් සිටියදීය.

මැණික් ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටි පොලිස් සැරයන්වරයෙක් විසින් මෙම කඩුව මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වී ලක්ෂ 45ක් දක්වා මිලකට එය කේවල් කිරීමෙන් අනතුරුව ගනුදෙනුව තීන්දු වී ඇත.

එහිදී කඩුව මිලදී ගැනීමට පෙර කේවල් කිරීමක් කර අවසානයේදී රුපියල් ලක්ෂ 45කට එය මිලදී ගැනීමට එකඟවී තිබේ.

සමනලවැව පුවක්ගහවෙල පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසලදී ගණුදෙනුව සිදු කිරීමට සැරසී පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් ගනුදෙනුව සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  බණ්ඩාරවෙල වැලිමඩ පාරේ පදිංචිකරුවෙක් වන සනුශ්ක විරාජිත් (23) සහ බණ්ඩාරවෙල දියබිබිල පැරකුම් මාවතේ පදිංචිකරුවෙක් වන කසුන් දිල්ශාන් (23) යන පුද්ගලයින්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවද සමඟ ඉදිරි විමර්ශන කටයුතු සඳහා සමනලවැව පොලිස් ස්ථානයට භාරදී ඇත.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ  ගේ මෙහෙයැවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන් පෙරේරා , පොලිස් සැරයන් ජයලාල් (428), පොලිස් කොස්තාපල්වරුන් වන ශ්‍රියන්ත (94009), තිසර (80501), බාලසූරිය (77090), අෂාන් (39850) සහ කුමාර (104678)    මෙම වැටලීම කර තිබේ.

කෙසේ වෙත්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධව කළ විමසීමක දී මෙම කඩුව පහත රට කස්ථාන කඩුවක් බවත් ව්‍යාජ එකක් නොවන්නේ නම් නුවර යුගයට අයත් එකක් විය හැකි බවත්ය. කෙසේ වෙතත් කඩුව අනුරාධපුර යුගයට දිවෙන තරම් පෞරාණික එකක් නොවන බව බැලූ බැල්මට තේරුම් ගත හැකි බව කියන පුරාවිද්‍යා නිලධාරීන් නිසි පරීක්ෂාවකින් නිශ්චිත තත්ත්වය පැහැදිලි කළ හැකි බව පැවසුවේය.

Share69Tweet43
Previous Post

ලබන සඳුදා රජයේ නිවාඩු !

Next Post

සීනි වංචාව ගැන දැන ගන්න කැඳවු ඇමති බන්දුල අල්ලස් කොමිසම මඟ හරී ! වෙනත් දිනයක් ඉල්ලයි

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.