සීදූව – වෑත්තෑව – නන්දාරාම විහාරාස්ථානයේ විහාරාධිපති මැදගමුවේ මහානාම හිමියන් හුස්ම හිර කර ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 18 හැවිරිදි ගෝල චීවරධාරියා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.
පන්සලේ ආවාසයක් තුළ හිමි නම ඝාතනය කර තිබිය දී පසුගිය 14 වන දා සොයා පොලිසිය විසින් සොයා ගැනුණි.
ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ගෝල හිමිනම පාපොච්චාරණය කර තිබුණේ සිය පෙම්වතියගේ අනුදැනුම මත විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ වැගන්ආර් රථයක් ඇතුලු දේපළ ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකළ බවය.
ඝාතනයෙන් පසුව ඩිෆෙන්ඩර් රථය සහ මෝටර් රථය රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට පුද්ගලයෙකුට අලෙවි කළ බවත්, එය ඩුබායි හි සිටින පෙම්වතියට යැවීමට සැළසුම් කර තිබූ බවත් සැකකාර ඝාතක චීවරධාරියා ප්‍රකාශ කර තිබිණි.
ඊයේ අලුයම අත්අඩංගුවට ගත් මෙම චීවරධාරියා මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කෙරිනි.







