රුසියාව සහ යුක්රේනය අතර පවති යුධ ගැටුම් කඩිනමින් අවසන් කිරීමට මාර්ගයක් සොයා ගන්නා ලෙස ඉන්ද්‍රීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා තිබේ.
අද දින රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්රාමත්යවරා අතර පැවති විශේෂ ද්වීපාර්ශවීය සාකච්ඡාව අතරතුරදී මෝදි අග්‍රාමත්‍යවරයා විසින් මෙම ඉල්ලීම කර ඇත. මේවන විට පැවැත්නෙ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වූ අවස්ථාවේදී දෙරටේ නායකයින් මෙලෙස හමුවී තිබේ.
මෙහිදී මෝදි අග්‍රාමත්‍යවරයා රුසියානු ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ ‟ මේ පවතින්නේ යුද වැදීමේ යුගයක් නොවෙයි. මම ඒ ගැන ඔබ එක්ක දුරකථනයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදීද පැවසුවා. අද අපට සාමයේ මාවතේ ඉදිරියට යා හැක්කේ කෙසේද යන්න ගැන කතා කිරීමට අපට අවස්ථාව ලැබේ,” යනුවෙනි.
රුසියාව යුක්රේනය ආක්රමනය කිරීමෙන් පසු රුසියානු සහ ඉන්දියානු නායකයින් හමුවූ පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.
මේ අතර, යුක්රේනයේ යුද්ධය “හැකි ඉක්මනින්” අවසන් කිරීමට තමන්ට අවශ්‍ය බවද රුසියානු ජනාධිපති පුටින් ඉන්දීය අග්‍රාමත්‍ය මෝදි හට එහිදී සහතික වී ඇත.
“යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය සහ ඔබගේ උත්සුක වීම ගැන ද මම දනිමි. මේ සියල්ල හැකි ඉක්මනින් අවසන් කිරීමට අපට අවශ්‍යයයි. එහි සිදුවන දේ පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නෙමු,” යනුවෙන් රුසියානු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.