සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරකරුවන්ගේ මිනිස් දින 50103ක් පුද්ගලික වැඩබිම්වල සේවයට යොදවලා… විගණනය හෙළි කරයි…

by editor
ඔක්තෝබර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද   –  

  • කැබිනට් පත්‍රිකාවක් මගින් සිරකරුවන් පුනරුත්ථාපනය කරන්න යැයි කියා පුද්ගලික වැඩබිම්වල සේවයට යෙදවීමෙන් ඒ පුද්ගලික ආයතනය කෝටි ගණනක් ලාභ උපයලා…

  • වැඩබිම්වල සේවයේ යෙදවීමට පෙර  අදාළ ක්ෂේත්‍රයේ මාස තුනක මුලික පුහුණුවක් ලබාදිය යුතුයි…  වැඩිබිම වෙත රැගෙන ගිය සිරකරුවන් 104 දෙනෙකු සඳහා  මුලික පුහුණුවක් ලබාදි නෑ…

  • ව්‍යාපෘතිය යටතේ  පුහුණුව අවසන් කළ සිරකරුවන් 236 දෙනෙකු සඳහා  ජාතික වෘත්තිය මට්ටමේ  පුහුණු සහතිකයක් ලබාදීමට කටයුතු කළයුතු වුවත්  එවැනි නිපුනතා සහතිකයක්  ලබාදි නෑ…

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් තම අරමුණු හා ප්‍රධාන කාර්යයන්ට  අනුගත නොවි  පුද්ගලික ආයතනයක් විසින්    සිරකරුවන්  පුනරුත්ථාපනය කිරිමට ගෙනඑනු ලැබු යෝජනාවට  එකඟ වී  ඇති අතර  මෙම ව්‍යාපෘතිය යටතේ  අදාල  පුද්ගලික සමාගම විසින්  ඉකුත් මාස 11 ක කාලය තුළ සිරකරුවන්ගේ මිනිස් දින 50,103ක කාලයක්  විවිධ වැඩබිම්වල සේවය සඳහා යොදවා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2020 ජුනි මස 15 වැනිදින සිට 2022 මැයි මස 09වැනි දින දක්වා  කාලපරිච්චේදය තුළ  මෙම සිරකරුවන්  අදාල පුද්ගලික සමාගමේ විවිධ වැඩබිම් සඳහා යොදවා තිබුණි. 

මේ සඳහා පුද්ගලික ආයතනයෙන් එක් සිරකරුවෙකුට  වැටුප වශයෙන් දිනකට රුපියල් 400ක් ගෙවා තිබු අතර මීට අමතරව සිරකරු සුභසාධක අරමුදලට  හා රජයේ ආදායමට රුපියල් 50 බැගින් මුදලක් බැරකොට තිබුණි. 

එහෙත් එක් සිරකරුවෙකුගෙන් දිනකට අවම වශයෙන්  රුපියල් 1000ක ලාභයක් ඉපයිමට හැකිවුවහොත්  අදාල කාලය තුළ මෙකි පුද්ගලික සමාගමට  රුපියල් මිලියන 50ක  අධික ලාභයක් උපයාගැනිමට හැකිව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

බන්ධනාගාර තුළ  කර්මාන්ත අංශයේ  ව්‍යාපෘති  සඳහා සිරකරුවන්ට  වෘත්තිය පුහුණුව දීමෙන්  විධිමත්ව පුනරුත්ථාපනය කිරීමට හැකියාව තිබියදි  ඉහත ව්‍යාපෘතියට සිරකරුවන් යොදාගැනිම තුළ  බන්ධනාගාර දේපාර්තමේන්තුවට විවිධ ගැටළුවලට  මුහුණදිමට සිදුවි තිබුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම මෙකි සිරකරුවන්  වැඩබිම්වල සේවයේ යෙදවීමට පෙර  අදාළ ක්ෂේත්‍රයේ මාස තුනක මුලික පුහුණුවක් ලබාදිය යුතු වුවත් වැඩිබිම වෙත රැගෙන ගිය සිරකරුවන් 104 දෙනෙකු සඳහා  මුලික පුහුණුවක් ලබාදි නොතිබු බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි.

ඉහත ව්‍යාපෘතිය යටතේ  පුහුණුව අවසන් කළ සිරකරුවන් 236 දෙනෙකු සඳහා  ජාතික වෘත්තිය මට්ටමේ  පුහුණු සහතිකයක් ලබාදිමට කටයුතු කළයුතු වුවත්  එවැනි නිපුනතා සහතිකයක්  ලබාදි නොතිබුණි.

කාලීන අවශ්‍යතාවයන්ට  ගැලපෙන පරිදි  සිරකරුවන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස පිටත්වීමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීම බන්ධනාගාර දේපාර්තමේන්තුවේ  ප්‍රධාන කාර්යයකි.

එහෙත්  දෙපාර්තමේන්තුව විසින් ඊට අනුගත නොවි  පුද්ගලික ආයතනයක් විසින් සිරකරුවන්  පුනරුත්ථාපනය කිරිමට  ගෙන එනු ලැබු යෝජනාව පිළිගැනිමට හා  අනුකුලතාවය දැක්වීමට එකඟවි තිබුණි.

ඒ පිළිබඳ අමාත්‍යමණ්ඩල සංදේශයක් සකස්කොට අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබු බවද විගණන කාර්යාලය පවසයි..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇපල් එයාර්පොඩ්ස් හා බීට්ස් හෙඩ්ෆෝන් නිෂ්පාදන ඉන්දියාවට

Next Post

රනිල් දුන් තනතුරේ සිට චන්ද්‍රිකා වැඩ පටන් ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.