ලලිත් චාමින්ද –
-
කැබිනට් පත්‍රිකාවක් මගින් සිරකරුවන් පුනරුත්ථාපනය කරන්න යැයි කියා පුද්ගලික වැඩබිම්වල සේවයට යෙදවීමෙන් ඒ පුද්ගලික ආයතනය කෝටි ගණනක් ලාභ උපයලා…
-
වැඩබිම්වල සේවයේ යෙදවීමට පෙර අදාළ ක්ෂේත්‍රයේ මාස තුනක මුලික පුහුණුවක් ලබාදිය යුතුයි… වැඩිබිම වෙත රැගෙන ගිය සිරකරුවන් 104 දෙනෙකු සඳහා මුලික පුහුණුවක් ලබාදි නෑ…
-
ව්‍යාපෘතිය යටතේ පුහුණුව අවසන් කළ සිරකරුවන් 236 දෙනෙකු සඳහා ජාතික වෘත්තිය මට්ටමේ පුහුණු සහතිකයක් ලබාදීමට කටයුතු කළයුතු වුවත් එවැනි නිපුනතා සහතිකයක් ලබාදි නෑ…
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් තම අරමුණු හා ප්‍රධාන කාර්යයන්ට අනුගත නොවි පුද්ගලික ආයතනයක් විසින් සිරකරුවන් පුනරුත්ථාපනය කිරිමට ගෙනඑනු ලැබු යෝජනාවට එකඟ වී ඇති අතර මෙම ව්‍යාපෘතිය යටතේ අදාල පුද්ගලික සමාගම විසින් ඉකුත් මාස 11 ක කාලය තුළ සිරකරුවන්ගේ මිනිස් දින 50,103ක කාලයක් විවිධ වැඩබිම්වල සේවය සඳහා යොදවා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2020 ජුනි මස 15 වැනිදින සිට 2022 මැයි මස 09වැනි දින දක්වා කාලපරිච්චේදය තුළ මෙම සිරකරුවන් අදාල පුද්ගලික සමාගමේ විවිධ වැඩබිම් සඳහා යොදවා තිබුණි.
මේ සඳහා පුද්ගලික ආයතනයෙන් එක් සිරකරුවෙකුට වැටුප වශයෙන් දිනකට රුපියල් 400ක් ගෙවා තිබු අතර මීට අමතරව සිරකරු සුභසාධක අරමුදලට හා රජයේ ආදායමට රුපියල් 50 බැගින් මුදලක් බැරකොට තිබුණි.
එහෙත් එක් සිරකරුවෙකුගෙන් දිනකට අවම වශයෙන් රුපියල් 1000ක ලාභයක් ඉපයිමට හැකිවුවහොත් අදාල කාලය තුළ මෙකි පුද්ගලික සමාගමට රුපියල් මිලියන 50ක අධික ලාභයක් උපයාගැනිමට හැකිව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
බන්ධනාගාර තුළ කර්මාන්ත අංශයේ ව්‍යාපෘති සඳහා සිරකරුවන්ට වෘත්තිය පුහුණුව දීමෙන් විධිමත්ව පුනරුත්ථාපනය කිරීමට හැකියාව තිබියදි ඉහත ව්‍යාපෘතියට සිරකරුවන් යොදාගැනිම තුළ බන්ධනාගාර දේපාර්තමේන්තුවට විවිධ ගැටළුවලට මුහුණදිමට සිදුවි තිබුණි.
එමෙන්ම මෙකි සිරකරුවන් වැඩබිම්වල සේවයේ යෙදවීමට පෙර අදාළ ක්ෂේත්‍රයේ මාස තුනක මුලික පුහුණුවක් ලබාදිය යුතු වුවත් වැඩිබිම වෙත රැගෙන ගිය සිරකරුවන් 104 දෙනෙකු සඳහා මුලික පුහුණුවක් ලබාදි නොතිබු බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ඉහත ව්‍යාපෘතිය යටතේ පුහුණුව අවසන් කළ සිරකරුවන් 236 දෙනෙකු සඳහා ජාතික වෘත්තිය මට්ටමේ පුහුණු සහතිකයක් ලබාදිමට කටයුතු කළයුතු වුවත් එවැනි නිපුනතා සහතිකයක් ලබාදි නොතිබුණි.
කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සිරකරුවන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස පිටත්වීමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීම බන්ධනාගාර දේපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයකි.
එහෙත් දෙපාර්තමේන්තුව විසින් ඊට අනුගත නොවි පුද්ගලික ආයතනයක් විසින් සිරකරුවන් පුනරුත්ථාපනය කිරිමට ගෙන එනු ලැබු යෝජනාව පිළිගැනිමට හා අනුකුලතාවය දැක්වීමට එකඟවි තිබුණි.
ඒ පිළිබඳ අමාත්‍යමණ්ඩල සංදේශයක් සකස්කොට අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබු බවද විගණන කාර්යාලය පවසයි..