අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ පහත අයුරිනි.
- ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇත. ලීටරයක නව මිල රුපියල් 348කි.
- ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ නැන්වේ. ලීටරයක එහි නව මිල රුපියල් 375ක් වේ.
- ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇත. ලීටරයක නව මිල රුපියල් 358කි.
- භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා ඇත. නව මිල රුපියල් 226කි.







