සිඩ්නි හි සිදු කළ සංචාරය අතරතුර ඕස්ටේ්රලියාවේ අග්රමාතා්ය ඇන්තනී ඇල්බනීස් මහතා, තමන්ට සිදු කළ ආගන්තුක සත්කාර වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ස්තූතිවන්ත වූ අතර ඉන්දියාව හා ඕස්ටේ්රලියාව අතර ඇති මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට මෙමඟින් හැකි වූ බව ද ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරුන් ලෙස දෙරට අතර විශිෂ්ඨ මිත්‍රත්වයක් ඉදිරියටත් පවත්වාගෙන යෑම සඳහා කැපවී කටයුතු කරන බවත් එය ගෝලීය යහපතට යොදා ගන්න බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දින තුනක කාලයක් ඕස්ටේ්රලියාවේ සංචාරය කළ අතර ඓතිහාසික ප්‍රජා වැඩසටහනක් ද ඇමතුවේය. ඔහු ව්‍යාපාරික ප්‍රධානීන් කිහිප දෙනෙකු සහ කීර්තිමත් ඕස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙකු ද හමු විය.
ඔහුගේ ඕස්ට්‍රේලියානු සංචාරය අවසන් වන විට, අගමැති මෝදි ට්වීට් සටහනක් තබමින් පැවසුවේ ‘ඕස්ටේ්රලියානු අග්‍රමාත්‍යවරයා සමඟ ඵලදායී සාකච්ඡාවල සිට ඓතිහාසික ප්‍රජා වැඩසටහනක් දක්වා, ව්‍යාපාරික නායකයින් හමුවීමේ සිට විවිධ තරාතිරම්වල ප්‍රකට ඕස්ට්‍රේලියානුවන් දක්වා, හමු වූ බවත්, මෙම සංචාරය මිත්‍රත්වය ඉහළ නංවන වැදගත් සංචාරයක් වූ බවත්’ ය.







