දිනසේන රතුගමගේ –
සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා වශයෙන් යාපනයේ ඌරලු ප්‍රදේශයේ උපත ලද ධර්මන් ෂන්මුගරත්නම් පත්ව තිබේ.
මේ මස දෙවනිදා ප්‍රකාශයට පත් කළ මැතිවරණ ප්‍රතිපලයට අනුව ඔහුට සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 70 ක් ලැබී ඇත. ඔහු ඊට පෙර ස්ංගප්පූරුවේ මුදල් අමාත්‍ය, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කොට තිබේ.
සිංගප්පූරුවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ධර්මන් ෂන්මුකරත්නම් පැවසුවේ “මට දුන් ඡන්දය සිංගප්පූරුවට දුන් ඡන්දයයි. අතීත සිංගප්පූරු දේශපාලන වාර්තාවලට අනුව, සිංගප්පූරුවේ ජනතාව විසින් දෙමළ ජාතිකයකු සිංගප්පූරුවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු අවස්ථාව 1999 වසරයි. ඒ 1999 දී ඉන්දීය දෙමළ සම්භවයක් ඇති චෙල්ලප්පන් රාමනාදන් සිංගප්පූරුවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. ඔහු රටේ දීර්ඝතම ජනාධිපති ලෙස කටයුතු කළා. ඔහුගෙන් පසු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙකු සිංගප්පූරුවේ ජනාධිපති ධූරයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. මම මේ ගැන ගොඩාක් ආඩම්බර වෙනවා”
ඔහුගේ මව සහ සීයා යාපනය ගම්මානයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයකි.