බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාපෙළ මුල් තැන දිනූ ගාල්ල සංඝමිත්තාවේ හිරුණි දුව හමුවන්නට ගියෙමු…..

by editor
සැප්තැම්බර් 29, 2024
in පුවත්
hiruni

ටි එච්. හිරුණි මල්ෂා

Share on FacebookShare on Twitter

මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමිකරන්නී ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දියණියකි. ඇය ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග ය.

කෙල්ලගේ ජයග්‍රහණය විශේෂය. ඇය ලංකාවෙන්ම එක වෙන්නේ සිංහල මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගය ලියා නොවේ. ඉංග්‍රිසි මාධ්‍යයෙන් විභාගයට පෙනිසිට ය.

අපොස සමාන්‍ය පෙළ යනු අපේ කඩඉම් විභාගයකි. අනාගත අධ්‍යාපන විෂය ධාරාව තෝරා උසස් අධ්‍යාපනයට මුල්ම අඩිතාලම තෝරන විභාගයකි. උසස් අධ්‍යාපනයක යථාර්ථය වෘත්තීය ගැඹුරක් සහිත වෘත්තිකයෙක් බිහි කිරීමය. එය මේ රටේ අධ්‍යාපනයේ සම්මත රටාවය.

නමුත් මේ විභාගය අසමත්වීම අධ්‍යාපනයෙන් අසමත්වීම නොවේ. දරුවන් වෙනුවෙන් අසීමිත වෘත්තීය පරාසයක් අධ්‍යාපන ලෝකය තුළ නිර්මාණය වෙමින් ඇත. එම වෘත්තීය අධ්‍යාපනය සහිතව ලෝකය පහසුවෙන් දිනාගත් තරුණයෝ ද වෙති. හිරුණි ගැන තබන මේ සටහන මේ ක්‍රමයෙන් ගිලිහී ගිය බව සිතන දරු දැරියන්ට, මේ ක්‍රමය තුළ සාධනීය ජයග්‍රහණ ලබාගෙන ඉදිරිය සැලසුම් කරන දරු දැරියන්ට, අනාගතයේ මේ කඩඉම් විභාගවලට මුහුණ දෙන්නට සිටින දරුදැරියන්ට අනාගත ඉලක්ක සපුරා ගැනීම සදහා වූ අත්දැකීමක් බෙදා දෙනු සඳහා ය. අප හිරුණි සොයා යන්නේ ඇයගෙන් ඒ කතාව අහන්නට ය.

ඇය අපට ඇයගේ කතාව කීවේ මෙසේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

හිරුණි දියනිය විදුහල්පති තුමිය සහ මව් පියන් සමග….

“මගේ නංගි බුද්ධිනි මලිෂා කුමාරතුංග. එයයි මමයි නිවුන්නු. නංගිත් එක්ක තමයි අධ්‍යාපන කටයුතුවල නිරතවුනේ. අපි දෙදෙනා එකට පාඩම් කළේ. නංගි සහ මම පළමු වසරේ ඉදලා සංඝමිත්තා බාලිකා විද්‍යාලයට තමය අකුරුකිරිමට ගියේ.”

‘නංගිට සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගැනිමට නොහැකිවුවන් ඇයත් විෂයයන් නමයටම ඒ සමාර්ථ ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ අයුරින් සමත්වුනා. අපි දෙදෙනා නිදිමාරගෙන පාඩම් කළේ නැහැ. රාත්‍රි 9.30 වනවිට නින්දට ගියා. උදේ 5.00ට පමණ අවදිවෙලා පාඩම් කළා. පාසලේ එදිනෙදා පාඩම් වැඩ එදිනෙදා අවසන් කළා. ය සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවුනා.’

‘අතිරේක විෂයයන් වශයෙන් දෙමළ, ඉතිහාසය තාක්ෂණය යන විෂයයන් තමයි කළේ. ඇත්තටම විභාගයට ඉතා සැහැල්ලුවෙන් මුහුණ දුන්නා. පාසලේදි හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවුනා. ගුරුවරු පාසලේ උගන්වන වෙලාවට හොඳින් අසාගෙන හිටියා. පාසලේ බාහිර වැඩත් කළා. මාධ්‍ය සංගමය, පාසලේ විවාද කණ්ඩායම නියෝජනය කළා. විද්‍යා අංශයෙන්. අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනි සිට වෛද්‍යවරයකු විම තමයි මගේ අනාගත බලාපොරොත්තුව.”

” මේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ගැන සඳහන් කිරිමේ දි මගේ අම්මාට සහ තාත්තාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ අම්මා සහ තාත්තා තමයි මේ ජයග්‍රහණය ගන්න ගොඩක් උදව් කළේ. මගේ පාසලේ ගුරුවරු හිටපු විදුහල්පතිනිය වන චාන්දනි උඩුකුඹුර වත්මන් විදුහල්පතිනය වන අසේනි පරණවිතාන යන මහත්මින්. මගපෙන්වු සියලුම ගුරු භවතුන් 11 වසරේ පංතිභාර ගුරුතුමිය වන ඩිලිනි විරක්කොඩි ගුරුතුමිය මේ අවස්ථාවේ දි සිහිපත් කරන්නඕන. ”

“මම ඉතා ආසාවෙන් ඉගෙනගත් විෂය තමයි විද්‍යාව. ඒ කාලපරිච්ඡේදය මගහරින්න මම ගොඩක් අකමැතිවුනා. විෂයයන් නමයටම ගොඩක් උනන්දුවුනා. ඉතා ආසාවෙන් වැඩකළා. මගේ මිතුරියන් දෙදෙනකු හිටියා. ඒ දෙදෙනා නංගිට සහ මට ගොඩක් උදව් කළා.” යැයි හිරුණි මල්ෂා දියණිය සදහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවසීලන්ත කණ්ඩයමට ඉතිහාසගත පරාජයක් උරුම කර අප ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල 03 වැනි තැනට ගිය ගමන….

Next Post

ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වෙන්නේ නෑ… පිටවුන ප්‍රශ්න තුනට හැම අපේක්ෂකයෙකුටම ලකුණු!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.