සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා තෝරගන්න බැරිව TNA මධ්‍යම කාරක සභා රැස්වීම ගාලගෝට්ටියක් වෙයි… කන් පිරෙන්න කුණුහරපා කියාගෙන…

by editor
අගෝස්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේදී පැවැත්වූ අවස්ථාවේ මෙවර ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන අපේක්ෂකයා තීරණය කිරීම අපහසු වූ බව එම පක්ෂයේ මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඊයේ ( 11 ) පැවසීය.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීම දෙමළ ජාතික සන්ධානයේ වවුනියාව දිස්ත්‍රික් කාර්යාලයේදි පැවැත්වුණි.

බහුතරයකගේ මතය මේ අවස්ථාවේ දී ඉතා උචිතම ක්‍රියාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයදීම බවට සාකච්ඡා වූවත් නැගෙනහිර පළාත නියෝජනය කරමින් පැමිණ සිටි මන්ත්‍රීවරු කීප දෙනෙකුම දෙමළ පොදු අපේක්ෂකයාට සහය දීම වැදගත් බව ප්‍රකාශ කිරීම නිසා මධ්‍යම කාරක සභා රැස්වීම තුළ විශාල ගාලගෝට්ට්ටියක් ඇති වී තිබේ.

පැය ගණනාවක් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවතුණද මෙවර ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වී නොමැත.

කෙසේ වෙතත් මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී මන්ත්‍රීවරු අතර දැඩි වචන හුවමාරුවීම් සිදුව ඇති අතර අවස්ථා කීපයකදීම් නොසරුප් වචන පවා භාවිත වී තිබේ.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

රැස්වීම හමාරවීමෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දැක් වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයක් ඔස්සේ බලය බෙදා හැරීමට එකඟ වන ජනාධිපති අපේක්ෂකයෙකුට දෙමළ ජාතික සන්ධානයේ සහය හිමිවන බවයි.

දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළි දැක්වීමෙන් පසුව ඒ ඒ අපේක්ෂකයා සමග තම පක්ෂය කරුණු සාකච්ඡා කරණ බවත් ඉන් අනතුරුව සහය දක්වන්නේ කාහට දැයි යන තීරණයට එළඹෙන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය මේ රටේ දෙමළ ජනයාගේ බලාපොරොත්තු ඉටුකරන විශාලතම දෙමළ දේශපාලන පක්ෂය නිසා තම පක්ෂයට වගකීමකින් තොර තීරණ ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ සුමන්තිරන් මන්ත්‍රීවරයා පක්ෂය විසින් ගනු ලබන තීන්දු තීරණ මේ රටේ දකුණේ සිටින සිංහල ජනතාවටද ඉදිරිපත් කිරිමට පක්ෂය පියවර ගන්නා බව කියා සිටියේය.

ජනාධිපතිවරණය සදහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ දෙමළ ජාතික සන්ධානයේ අනුමැතියකින් හෝ පක්ෂයේ දැණුවත් භාවයකින් තොරව නිසා පක්ෂයේ ස්ථාවරය දෙමළ පොදු අපේක්ෂකයා වෙත පැහැදිලි කිරීමට තීරණය කොට අතැයිද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා පෙරහර මංගල්‍යයට අලි ඇතුන් හිඟයි… බස්නායක නිලමේවරු බරපතල අවුලක!

Next Post

නාම යෝජනා භාරගන්නා දිනයේ අති විශේෂ ආරක්ෂක සැලැස්මක්… පොලිසියේ සහායට STF… ගුවන් හමුදා ස්නයිපර් වරු ඉහළ ගොඩනැගිලිවලට…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.