ශ්‍රියානි විජේසිංහ –
ලබන මහ මැතිවරණයට වැඩ කළ හැකි සහ ඡන්දය ලබා ගත හැකි අයට පමණක් නාම යෝජනා ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා සඳහන් කරයි.
සල්ලි තිබූ පලියට සංවිධායක වූ පළියට නාමයෝජනා ලබාදිමට කිසිදු විටකින් ක්‍රියා නොකරන බවද හෙතෙම ඊයේ (26) හොරගොල්ලේ හෝටලය පැවති සාකච්ඡාවකදී පවසා ඇත.
පක්ෂයට විනයක් තිබෙන බවත් පක්ෂයෙන් ගත් තින්දු හරි හෝ වැරදි වුවද එයට අවනතව කටයුතු කළ යුතු බවත් හෙතෙම මෙහිදී අවධාරණය කර තිබේ.
මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ ශ්‍රීලනිප සාමාජිකයින්ගේ යෝජනාව වී ඇත්තේ පොහොට්ටුවේ දූෂණ චෝදනාවන් ලක් වූ පිරිස් එක්කර ගත යුතු නැති බව යැයි ද වාර්තා වේ.







