සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සරසවියට එන කුසලතා සමාජ අත්දැකීම් නැති ටියුෂන් නිර්මාණ  බඳු දරුවන්  සමග ගනුදෙනුව ඉතාම අපහසුයි.. රජරට උප කුලපතිනිය කියයි!

by editor
සැප්තැම්බර් 28, 2023
in පුවත්
university
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු

කුසලතා පූර්ණ හා සමාජ අත්දැකීම් බහුල නොවූ අධ්‍යාපන දැනුම පමණක්  තිබෙන දරුවන් පිරිසක්  විශ්වවිද්‍යාල ඇතුළත්වීම නිසා ඔවුන් සමග කටයුතු කිරීම විශ්වවිද්‍යාල පරිපාලනයට දුෂ්කර කාර්යයක් වී ඇති බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති  මහාචාර්ය සංජීවනී ගිනිගද්දර  පැවසුවාය.

sanjeewani
රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති  මහාචාර්ය සංජීවනී ගිනිගද්දර

රජරට ප්‍රදේශයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සේවාවක් සිදු කළ ගුරුවරුන් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට උපහාර පිදීමට රජරට හසුන පදනම මගින් සංවිධානය කොට තිබූ උත්සවයක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රජරට විශ්වවිද්‍යාලයේ උපාධි උත්සව ශාලාවේදී පැවැති උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ  මහාචාර්යවරිය මෙසේද කීවාය.

“අපි දන්න සත්‍යයක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ඉතාම පහළ මට්ටමක තියෙන්නෙ. අපි මේවා සඟවා ගෙන හිටියට වැඩක් නොවුණත් පාසැල් අධ්‍යාපනය ඉතාම පහළ අඩියක තියෙන්නෙ. සිසු දරුවන් වගේම ගුරුවරුනුත්  දුප්පත්. දෙමව්පියන් තමන්ගෙ දරුවව බොහොම අමාරුවෙන් වියදම් කර පාසැලට එවන්නෙ. ඒ අයට තම දරුවන් පෞද්ගලික උපකාරක පන්තිවලට යොමු කොට ශක්තිය වාරුව නොමැති තරම්. එම නිසා පාසැල තුළ අධ්‍යාපනය යථාවත් කිරීමට හා ඔබ අද ගනු ලබන උත්සාහය වගේ දෙතුන් ගුණයක් උත්සාහ ගෙන රජරට ගොඩ නැගීමට වෙර දරන අසරණ දෙමව්පියන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දී ඔවුන්ගේ සිහින යථාර්ථයක් කිරීමට උත්සාහ කරන්න.

ඔබලා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට උත්සාහ දරනවා ඇති. ඔබ ඒ සදහා මහත් පරිශ්‍රමයක් දරන බව මා දන්නවා. නමුත් ඇතැම් අවස්ථාවල ඒ සදහා යම් යම් හේතූන් නිසා විවිධ බාධාවන් එල්ල වෙනවා ඇති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ වගේම දරුවන්ට පාසැල තුළ අධ්‍යාපනය ලැබීමට හැකි අවස්ථාව වැඩි කර දෙන්න කියා විදුහල්පතිවරුන් හා ගුරුභවතුන්ගෙන් ඉල්ලා සිටිනව. එහෙම නොවුනොත් විශ්වවිද්‍යාල පරිශ්‍රයට එන්නෙ පෞද්ගලික උපකාරක පන්තිවලට ගොස් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට සමත්වූ දරුවෙක්.

කුසලතා පරිපූර්ණ හා සමාජ අත්දැකීම් බහුල නොවූ අධ්‍යාපනික දැනුම පමණක් තිබෙන  එවැනි අයත් සමග ගනුදෙනු කිරීමට හරිම අමරුයි. ඒ තත්ත්වයන් සමග විශ්වවිද්‍යාල පරිශ්‍රයට එන එම දරුවො යහපත් උපාධිධාරීන් බවට පත් කොට සමාජයට යැවීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවැනි වාරිකය මුදා හැරීමට එකඟවිය හැකි නිශ්චිත කාල රාමුවක් නෑ… ලංකාවේ සංචාරය නිමා කරමින් IMF  දූත මණ්ඩලය දැනුම් දෙයි!

Next Post

විදුහල්පති පුරප්පාඩු 4718ක් පිරවීමට අධිකරණ නියෝගයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.