ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 4718ක් පිරවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) නියෝග කළේය.
එම පත්වීම් වර්ෂ 2019 වසරේ පැවැත්වූ විභාගයෙන් සමත් වූවන්ට ලබා දීමට මිට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාවයක් අනුව සිදු කරන ලසෙද නියම කෙරිනි.
ශ්‍රි ලංකා විදුහල්පති ශ්‍සේවයේ තුන්වන ශ්‍රේණියේ නව පත්කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් කැඳවූ අවස්ථාවේ දී අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම මොසම සහ ඊට අදාල පෙත්සම් කැඳවන ලදී.
එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් සමථයකට පත් විය හැකි බවය.
විදුහල්පති ශ්‍රේණියේ පුරප්පාඩු පිරවිය යුතු බවට රාජ්‍ය සේවා කොමිස විසින් නිතිපතිවරයාට දැනුම දී ඇති බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව විදුහල්පති ශ්‍රේණිය සඳහා පත් කිරීම් සිදුකිරීමට අදාලව වර්ෂ 2019 පෙබරවාරි මස 19 දින පැවති විභාගයෙන් අපේක්ෂකයන් 7319ක් සමත් වූ බවත්, නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා සඳහන් කලේය.
එම අපේක්ෂකයන්ට අදාලා පත්වීම් ලබා දීමට 2021 වසරේ 06 වැනි මස 20 දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මින් පෙර එකඟතාවයක් ඇති කරගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව පත්වීම් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මේ කරුණු සම්බන්ධව පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතඥවරු එකඟතාවය පළ කළහ.
ඒ අනුව සලකා බැලූ විනිසුරු මඩුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයට අදාල පත් කිරීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කළේය.