සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමාජ මාධ්‍යවල ගිය පට්ටපල් බොරු මඩ ගැහුවේ JVP සහ GMOA  – උපාධි මංජුසාව දුන්නේ මම…  

by editor
දෙසැම්බර් 18, 2021
in පුවත්
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter

කොළඹ විශ්ව විද්‍යාලයේ අද පැවති උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගි වූ කුලපති   මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති මැවෙන්නේය. ඒ කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවයේ දී උන්වහන්සේ අතින් උපාධිය  ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධවය. ඇත්තටම කුලපති හාමුදුරුවන් සිසුන් විසින් ප්‍රතික්ෂේප කළා ද?. අපි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විමසුවෙමු.  

ප්‍රශ්නය –  සමාජ මාධ්‍යතුල ප්‍රචාරයක් යනවා ඊයේ (17) පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී ඔබ වහන්සේ පිරිනමන උපාධි සහතික පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට ශිෂ්‍යයින් ක්‍රියා කළ බව.  

පිළිතුර – සමාජ මාධ්‍යවල පළ කර තියෙන්නේ පට්ටපල් බොරු. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මුලින්ම  සහතික පත්‍ර ලබා ගත් සිසුන් කීප දෙනෙකුට උපකුලපතිනිය සහතික පිරිනැමුවා . ඉතිරි සියලුම දෙනාට  උපාධිය පිරිනැමුනේ මගේ අතින්.

ප්‍රශ්නය – උපකුලපතිනිය  සිසුන් කීපදෙනෙකුට සහතික පිරිනැමුවේ ඇයි?

පිළිතුර  – මම තමයි උපකුලපතිනියට කිව්වේ මුලින්ම සහතික පත්‍ර පිරි නමන්න කියලා. මගේ අවසරය මතයි ඇය සහතික පත්‍ර පිරිනැමුවේ 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය – ඔබ වහන්සේ ඇයි උපකුලපතිනියට සහතික පිරිනමන්න කියලා කිව්වේ?

පිළිතුර – මම මේ තනතුරට අලුත්. ඒ නිසා මට මේ උත්සවය ගැන පොඩි වැටහීමක් ලබා ගන්න අවශ්‍යයයි. ඒකයි මම ඇයට මුලින්ම සහතික පත්‍ර පිරිනමන්න කිව්වේ

ප්‍රශ්නය – ඊට පසුව ඔබ වහන්සේ සිසුන්ට උපාධි සහතික පිරිනැමුවාද?

පිළිතුර – ඔව් මම තමයි ඉතිරි සියලුම සිසුන්ට උපාධි සහතික පිරිනැමුවේ. වෛද්‍ය සිසුන් 30ක් මගෙන් සහතික පත්‍ර ලබා ගත්තා.

ප්‍රශ්නය – කලුපටි බැදගෙන සිසුන් පැමිණි බවට සමාජ මාධ්‍යවල පළවෙන ප්‍රවෘත්තිය ගැන ඔබ වහන්සේ මොකක්ද කියන්නේ.?

පිළිතුර- කලු පටි බැදගත්  තරුණයින් දෙනෙක් උත්සව ශාලාවට පිටත සිට තියෙනවා. අනතුරුව ඒ තරුණයනින් දෙදෙනත් කලු පටි ගලවලා උත්සවයට සහභාගි වෙලා තියෙනවා. 

ප්‍රශ්නය – මේ  ක්‍රියාව පිටුපස සිටින්නට ඇත්තේ කවුරුන් කියලද විස්වාස කරන්නේ?

පිළිතුර – හැමදාම හොඳ වැඩ කඩාකප්පල් කරන්‌නේ ජේ.වී.පී කාරයින්. මම හිතන්නේ ‌මේ වැඩේ පිටුපස සිටින්නට ඇත්තෙත් ඔවුන් වෙන්න ඇති.

ප්‍රශ්නය –  මේ  වැඩ පිළිවෙළ පිටුපස වෙන කවුරුහරි ඉන්නවා කියලා ඔබවහන්සේ විශ්වාස කරනව ද?

පිළිතුර –  මට එක්තරා වෛද්‍යවරයෙක් කතා කරලා කිව්වා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරලා තිබුණලු වෛද්‍ය ශිෂ්‍යයින් මගේ අතින් උපාධි සහතිකය ලබා නොගන්නා බව . ඒත් මම ඒ ගැන කිසිවක් දන්නේ නැහැ. කොහොම නමුත් වෛද්‍ය ශිෂ්‍යයින් සියලු දෙනා උපාධි සහතිකය ලබා ගත්තේ මගේ අතින්.

ප්‍රශ්නය –  මෙවැනි තත්වයක් තුළ  කුලපතිවරයා ලෙස ඉදිරියට සිය තනතුරේ රාජකාරී කරගෙන යාමට හැකියාවක් ලැබෙයිද?

පිළිතුර –  මම මඩප්‍රචාරවලට බය කෙනෙක් නෙවෙයි. මම විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට කවුරුත් මෙතෙක් නොකළ වැඩකොටසක් කරන්න හිතාගෙන ඉන්නවා. විශේෂයෙන්ම දුප්පත් දරුවන් වෙනුවෙන් ලොකු සේවයක් කරන්න අදහස් කරනවා

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවට ණය දෙන්නන්ට ෆිච් රේටිං අනතුරු අඟවයි ! විදේශ සංචිත අර්බුදය අන්තිම දරුණුයි !

Next Post

ප්‍රමිතියෙන් තොර බව ඇමති කී ගෑස් ගොඩබායි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.