ප්‍රමිතියෙන් තොරයැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා කී ලිට්රෝ සමාගම විසින් මෙරටට ආනයනය කළ ගෑස් නෞකා දෙකෙන් එක් නෞකාවකට එහි ඇති ගෑස් ගොඩබෑම සඳහා රජය විසින් ඊයේ (17) අවසර දුන්නේය.
දෙවන වරට පැමිණි නෞකාවට ගෑස් ගොඩබෑමට අවසර ලබා දුන් බවත්, නෞකාවටම ගොස් කළ ගෑස් පරීක්ෂාවකින් අනතුරුව එම අනුමැතිය ලබා දුන් බවත් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කර ඇත.
මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිවරයා විසින් තමන්ව පත් කළ බව ඔහු ප්‍රකාශ කර ඇත.
මේ වනවිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක තිබිය යුතු ප්‍රොෆෙන් බියුටේන් සංයුතිය 30 -70 විය යුතු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තීරණය කර ඇති අතර එම ප්‍රමිතියෙන් තොර ගෘහස්ත ගෑස් නිකුත් කිරීම තහනම් කරමින් අභියචනාධිකරණය ඊයේ ලිට්රෝ සමාගමට නියෝගයක් නිකුත් කළේය.
මෙම නෞකාවලින් ගෙන්වූ ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට පවතින බවට අනාවරණය වුවත් ගෑස්වල ගන්ධය නිකුත් කරන “එතිල් මර්කැප්ටන්” නමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොපවතින බව අනාවරණය වීමත් සමග පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරිය විසින් එම නෞකාවල ඇති ගෑස් ගොඩබෑමට අවසර ලබානොදුනි.
එහෙත් ඊයේ (17) දිනයේ ඉන් එක් නෞකාවක ඇති ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.