අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමපෝෂ යහපෝෂ ලක්පෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින්! සමාගම් තුනක්  අධිකරණය හමුවට !

ජාතියේ පෝෂණය ගැන ලේබල් අලවාගෙන ජාතියේ දරුවන්ට මාරක විස කැවූ හැටි අධිකරණයේ දී කියැවෙයි...

by editor
සැප්තැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලක්පෝෂ නම් නිෂ්පාදනයේ නියමිත අවම පුමාණයට වඩා 26 ගුණයකින් ඇෆ්ලටොක්සීන්

  • සමපෝෂ නිෂ්පාදනවල නියමිත ප්‍රමාණනයට වඩා තුන් ගුණයක්, යහපෝෂ නිෂ්පාදනවල නියමිත අගයට වඩා අට ගුණයක් ඇෆ්ලටොක්සින්…

සමපෝෂ , යහපෝෂ සහ ලක්පෝෂ නම් දරුවන්ට ලබා දෙන අතිරේක ආහාර  නිෂ්පාදන ත්‍රිත්වයේ මිනිස් ආහාරයට නුසුදුසු මට්ටමට ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු වීම හේතුවෙන් එම නිෂ්පාදන නිෂ්පාදනය කරන සහ අලෙවි කරන මෙරට ප්‍රධානතම පෙළේ සමාගම් ත්‍රිත්වයට සහ එහි අධ්‍යක්ෂවරුන් සය දෙනකුට ලබන නොවැම්බර් මස 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක   නියෝග කළේය.

ඒ අනුව සිලෝන් බිස්කට්ස් සමාගමේ අනුබද්ධ ආයතන  වන ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගම, මැලිබන් ඩේරි ඇග්රෝ පෞද්ගලික සමාගම, සහ මැලිබන් මිල්ක් ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගම් යන සමාගම් තුන මෙම ආහාර විකිණීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට කැඳවා තිබේ.

ඔවුන් විසින් අලෙවි කරන ලද ඉහත සඳහන් නිෂ්පාදනවල තිබිය යුතු අවම මටටමට වඩා ඇෆ්ලටොක්සීන් පවතින බවට චෝදනා කරමින් නඩු පවරා ඇත්තේ ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය මඟිනි.

ඔවුන් 1990 අංක 20 දරණ ආහාර (සංශෝධන පනත ) යටතේ මෙසෙ නඩු පැවරීමට කටයතු කර තිබේ.  ඔවුන් විසින් වෙළෙඳපොළේ අලෙවියට තබා තිබූ ආහාර නිෂ්පාදන බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක කාර්යාලයට ලබා දී එමඟින් වාර්තාවක් ලබාගෙන ඇති අතර එම වාර්තාවට අනුව මෙම නිෂ්පාදනවල ඇෆ්ලටොක්සීන් නියමිත ප්‍රමාණයට වඩා වැඩිව ඇති බව තහවුරු කරගෙන ඇත. ආහාරවල සුලබව හමුවන ඇෆ්ලටොක්සින් යනු පිළිකාකාරක විෂ රසායනයකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අදාළ රස පරීක්ෂක වාර්තාවට අනුව ලක්පෝෂ නම් නිෂ්පාදනයේ නියමිත අවම පුමාණයට වඩා 26 ගුණයකින් ඇෆ්ලටොක්සීන් පවතින බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත්ව ඇත.

එමෙන්ම සමපෝෂ නිෂ්පාදනවල නියමිත ප්‍රමාණනයට වඩා තුන් ගුණයක්ද යහපෝෂ නිෂ්පාදනවල නියමිත අගයට වඩා අට ගුණයක්ද ඇෆ්ලටොක්සින් පවතින බවට අනාවරණය වී ඇති අතර රජයේ රස පරීක්ෂක කාර්යාලය 1993 ආහාර ලේබල් කිරීමේ විවිධ නියෝග 787 යටතේ  මෙම විමර්ශන සිදුකොට ඇත.

මේ ලිපියත් කියවන්න..

බංකොලොත් රටේ බඩගින්නේ හඬන නොදරුවන්ට “පෝෂ“ ලේබලයෙන් වහ කවන හැටි!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමති ප්‍රශ්න පොඩ්ඩයි කියන රටේ දරුවන්ගේ බඩගින්න පෙනෙන හැටි… සිද්ධි නෙමෙයි.. මේ ඇත්ත…

Next Post

කෙහෙළිය පරල කළ උපුල් රෝහණගේ  ඇෆ්ලාටොක්සීන් කතාවට පදනම   රජයේ රස පරීක්ෂක වාර්තාව…  

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.