අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

බංකොලොත් රටේ බඩගින්නේ හඬන නොදරුවන්ට “පෝෂ“ ලේබලයෙන් වහ කවන හැටි!

එක එක නමින් එන "පෝෂ" වර්ග කන එක ටික දවසකට නවත්තන්න.  

by editor
අගෝස්තු 21, 2022
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

මහාචාර්‍ය නිලන්ත ලියනගේ –
ආහාර විද්‍යා අධ්‍යයන අංශය, රුහුණු විශ්වවිද්‍යාලය

මම ආහාර විද්‍යාව සම්බන්ධ මහාචාර්‍ය වරයෙක්.  සෑම අලුත් කණ්ඩායමකම ආරම්භයේදී මම ඔවුන්ට කියන දෙයක් තමයි ආහාර විද්‍යාව ඉගෙන ගන්න ඕනෑම කෙනෙකුට සමාජීය වගකීමක් තියෙනවා අවදානමක් දුටු සැනින් තරාතිරම නොබලා ඒ ගැන ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා මම උගන්නපු ළමයි බොහෝ තැන්වල එම වගකීම පෙරට ගෙන කටයුතු කරනවා ඇතැයි මම විශ්වාස කරනවා.

විශ්ව විද්‍යාලයේ දරුවන්ට අමතරව ආහාර විද්‍යාව සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ශක (PHI)  පැටවුන්ටත් මම උගන්වනවා.  ඒ නිසා අවදානමක් දුටු තැන රටේ පුරවැසියා වෙනුවෙන්, මම මගේ වෘතීය මෙන්ම සමාජීය වගකීම  ඉටුකරනවා.

බංකොලෝත රටක ආහාර

අපි දන්නවා රටක් ආර්ථිකව බංකොලොත් වෙනකොට සහනාධාර විදියට පවා අපිට ලැබෙන්නේ හිතකර දේවල්ම නෙමෙයි. ලෝකය ඒතරම්  අකාරුණිකයි. ඒ අස්සේ  අපිට රිංගවන බාල ආනයනික යෙදවුම් අනන්තයි. මොකද ඒවා විශ්ලේෂණය කිරීම  ආර්ථිකව බංකොලොත් වූ රටක ප්‍රමුඛතා ලැයිස්තුවේ නෑ. ඒ නිසා ලේසියෙන්ම ආහාර නිශ්පාදන ආයතන වලට එම බාල යෙදවුම් බාගත හැකියි.    ඕන ජරාවක් ලේසියෙන් එවන් රටකට විකුණාගත හැකියි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“පෝෂ“ වල අධිමාත්‍රාවෙන් ඇෆ්ලටොක්සීන්…

මාතෘකාවට  එමු. කාලයක්  පොල්තෙල් ගැන කතාකරපු ඇෆ්ලටොක්සින් ගැන අද කතාකරන්නේ ඔබ, අපි, අපේ දරුවන්, සහ ගැබිනි මව්වරුන්ට නිර්දේශ කරදෙන සහ වෙළඳපොලේ තියෙන “පෝෂ” වර්ගවල අන්තර්ගත ඇෆ්ලටොක්සීන් මාත්‍රාව නියමිත මාත්‍රාව අභිබවා ඇතිබව ඔබට කීමටයි.  එනිසා එය ඔබගේ අවධානයට යොමුකිරීම මාගේ වගකීමක් ලෙස දකිනවා. මේ සම්බන්ධ පර්යේෂණ වාර්තාව මා සතුව තිබෙනවා. එබැවින් ඇෆ්ලාටොක්සීන් ගැන යළි සංවාදයක් ඇති කරන්නේ දැනුවත් වගකීමකින්.

ඇෆ්ලටොක්සීන්….

මොනවද මේ ඇෆ්ලටොක්සීන්?

 

ඇෆ්ලටොක්සීන් යනු සරළවම ඇස්පර්ජිලස් කියන පුස් වර්ගය (A.flavous, A.parasiticus) ආසාදනය වූ ආහාර ද්‍රව්‍ය  තුළ වර්ධනය වී ඇති මාරාන්තික විෂ රසායනිකයක්.

මේවා ආකාර 20ක් විතර තිබුනත්  ප්‍රධාන ආකාර 4ක්  ගැන අපි නිරතුරුව අවධානය යොමු කරනවා. එනම්  AF-B1, AF-B2, AF-G1 සහ AF-G2. මේකෙනුත් B1 තමයි ඉතාම භයානක.

මේවා තියෙන්න පුලුවන් ආහාර මොනවාද?

පුස්කාපු ඕනෑම ආහාරයක මෙම විෂ රසායනිකය හැදිලා තියෙන්න පුළුවන්. පුස්කාපු බඩ ඉරිඟු, හාල්, රටකජු, අක්‍රමවත්ව වියලන ලද ආහාර, වියලි මිරිස්, තුනපහ, කොකෝවා, පුස්කාපු කොප්පරා   වැනි ආහාර ද්‍රව්‍යවල ඇෆ්ලටොක්සින් තියෙනවා.

aflatoxins
ඇෆ්ලාටොක්සීන් සහිත ආහාර..

මේවා තියෙන ආහාර කෑවොත් මොකද වෙන්නේ??

වෙන්නෙද? වෙන්නේ, මේ විෂ රසායනිකය ටික ටික ඇඟ ඇතුලේ විශේෂයෙන්ම අක්මාවේ තැන්පත් වීමෙන් aflatoxicosis තත්වයට ලඟාවී, අක්මාව ආශ්‍රිත පිළිකා සහ සිරෝසිස් තත්වයට පත්වී ආසාදිතයා මිය යාමයි. මීට හේතුව ඇෆ්ලටොක්සීන් යනු ජාන විකෘති තත්වය ඇතිකළ හැකි( Genotoxic) උග්‍ර විෂ රසායනිකයක් වීමයි. මේකට කියනවා Hepatocellular Carcinoma කියල.

හරි… එතකොට මේකට බෙහෙත් නැත්ද?

නෑ.. බෙහෙත් නෑ. (There is no antidote for Aflatoxin) කළ හැකි එකම දේ රෝග ලක්ෂණ පෙන්වන මුල් අවධියේදීම ඇෆ්ලටොක්සීන් තියෙන බව සැක සහිත ආහාර නොගෙන ඉඳීමයි.

එතකොට රත්කරනකොට මේ විෂ  ව්නාශ වෙන්නේ නැති ද?

සාමාන්‍යයෙන් මෙම රසායනිකය තාපයෙන් විනාශ වෙන්නේ නෑ ලේසියෙන්.  සෙන්ටිග්‍රේට් අංශක 180 දක්වා මේවා ස්ථායි.  ඒ නිසා සකස්කළ ආහාරවල මෙම විෂ රසායනිකය නොනැසී පවතිනවා.

එතකොට මේවා කාපු සත්තුන්ගේ කිරි, මස්, බිත්තර වල මේවා තියෙන්න පුලුවන්ද?

පුලුවන්. ඒ පෙරකී ආකාර හතරට නොවූවත්, සත්තුන්ගේ පරිවෘතියෙන් පස්සේ හැදෙන AF-M1, M2 (they are metabolites of AF-B1 and AF-B2)  කිරිවල, මස්වල තිබී අපේ ආහාරදාමයට එකතුවෙනවා.

දැන් මොකද මේ හදිස්සියේම මේ ගැන කතාකරන්නේ?

මේ ගැන විතරක් නෙමෙයි, ආහාර නිසා ඇතිවන බොහෝ දේවල් ගැන කතාකරන්න ඉඩක් හොය හොය ඉන්නේ. මොකද බෝ නොවන රෝග ගැන බොහෝ අය කතාකළාට ඒකට විසඳුම තියෙන්නෙත් ආහාර පාලන අධිකාරිය අතම බව   කියන්නම ඕන.

මේ රටට ආනයනය කරන දේවල් වගේම මේ රටේ නිශ්පාදනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සහ තත්ව පාලනය සම්බන්ධ නිර්දේශ නිකුත් කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමටත් යාන්ත්‍රණයක් මේ රටේ තිබුනත්, ක්‍රියාත්මක නොවීමට සහ ඊට උවමනාවක් තිබේද යන්න ලොකුම ගැටලුවක්. වැටුප් ලබන ආයතන මෙන්ම ඒවායේ බලලත් නිළධාරීන් සිටියත් නියම හේතුවට  අත නොතබා ප්‍රශ්නය වටේ අතපතගෑම දේශපාලන අධිකාරියට හෝ වරදකාරී ආයතනවල මාෆියාවට බයෙන් හෙලිකිරීමට කොන්දක් නොතිබීම මීට ප්‍රධාන හේතුව බව මා දකිනවා.

මේ ස්වාධිනව තීරණ ගැනීමට ඇති බිය සහ වෘතීය ඒකාග්‍රතාවක් (Professional integrity) නොමැතිවීම නිසා පමාවන හැම තප්පරයකම, ඔබද, මාද, මගේ දරුවාද මරණය කරා වේගයෙන් ඇදීයමින් ඉන්නවා.

එනිසා පර්යේෂණ වාර්තා අත තිබියදීත් ඒ ගැන ජනතාව දැනුවත් කිරීමට පමාකිරීම  හිතාමතා මිනීමැරීමක් බව කියන්නම ඕන.

පෝෂ වහ වන හැටි

ඒ නිසා සියලුම පෝෂ වර්ගවල ඇෆ්ලටොක්සීන් B1(විශම එක) අධිමාත්‍රාවෙන් ඇතිබව ඔවුන්ද මාද  එය දන්නා බව ඔබට කියන්න අවශ්‍යයයි. මම මගේ වගකීම මේ පෝස්ටුවෙන් නතර නොවන බවද කිව යුතුයි..

තව දුරටත් ඔවුන්ට විෂ චූට්ටක් තිබ්බට   කමක් නෑ වුනාට ( ලංකාවේ 30 PPB) එහි අනුමට මාත්‍රාව ඇමෙරිකාවේ නම් 20 PPB තරම් අඩුකොට ඇති මොහොතක,  එය ලංකාවේ 20 PPB මට්ටමට ගෙනඒමට මැලිවන්නේ ආහාර ආනයන කරුවන්ගේ බලපෑම නිසාදැයි ඇසිය යුතුයි.

අපිට කතාකරන්න බොහෝ දේ  තිබෙනවා. සිස්ටම් එක චේන්ජ් කිරීම  වගකිවයුතු නිලධාරීන් කොනිත්තලාම පටන්ගමු.

(මුහුණුපොතෙන් උපුටා ගැනුණි)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කල් දැමූ මැතිවරණය ගැන ලබන මාසයේ මැතිවරණ කොමිසමෙන් තීරණයක්…

Next Post

නැවක් ගේන්න ඇමෙරිකාවට ගිය නාවික හමුදාවේ නවයක් පනී!

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.