ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයකට සහභාවී වි ආපසු එන ගමනේ ඇමෙරිකාවෙන් ලබා දෙන නිරීක්ෂණ යාත්‍රාවක් ශ්‍රි ලංකාවට ගෙන ඒම සඳහා පසුගිය වසරේ දී ඇමෙරිකාවට යවන ලද නාවික හමුදා කණ්ඩායමේ සාමාජිකයන් නව දෙනකු සිය අභ්‍යාස අතරතුර මුහුදට පැන පළා ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා ලෙස ඇමෙරිකානු නීති බලාත්මක කිරීමේ අංශ දැනුවත් කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව වාර්තාවක් පළ කරමින් සන්ඩේ ටයිම්ස් පුත් පත සඳහන් කරන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ මෙම සියයකට ආසන්න නාවික හමුදා කණ්ඩායම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති අතර මෙසේ පළා ගොස් ඇත්තේ ඔවුන් අතරින් නව දෙනෙකි.
එම වාර්තාවට අනුව ශ්‍රි ලංකා නාවික හමුදාව ඔවුන් හඳුනා ගැනීම සදහා සහය ලබා දෙන ලෙස වොෂින්ටන් හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හරහා අමෙරිකානු බලධාරීන් දැනුවත් කර ඇත. මෙම කණ්ඩායම දිගින් දිගටම පුහුණු සැසි සඳහා සහභාගී වෙමින් සිට ඇති අතර පසුගියදා ඇමෙරිකානු නාවික හමුදා සේවයෙන් ඉවත් කරන ලද ඩග්ලස් මුන්රෝ නමැති වෙරළ ආරක්ෂක යාත්‍රාව ශ්‍රි ලංකාවට ප්‍රදානය කිරීමට කටයුතු යෙදා තිබේ.
එය ශ්‍රි ලංකා නාවික හමුදාවට ලබාදෙන තෙවැනි ඇමෙරිකානු නෞකාව වන අතර එය මෙරටට රැගෙන ඒම සඳහා ළඟදීම භාර දීමට නියමිතව තිබුණි. එම කටයුතු සිදුවිමට මත්තෙන් මෙම නාවික භටයන් ඇමරිකාවේ දී පළාගොස් සැඟව ඇති බවට විශ්වාස කරයි.
මීට පෙර ද 2018 වසරේ දී මෙවැනිම අභ්‍යාසයකදී නාවික සෙබළකු පැන ගොස් ඇති අතර අද වන තෙක් ඔහු පිළිබඳ තොරතුරක් සොයාගත නොහැකි බව සඳහන් වේ.