සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සබරගමුව සරසවියේ සැකකාර නවක වධකයින් ලබන 29 තෙක් රිමාන්ඩ්…

by editor
මැයි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවක වදය හේතුවෙන් මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් දස දෙනෙකු මැයි 29 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

ඒ අද දින සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුය.

සබරගමු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් ඩිල්ෂාන් (23) නැමැති සිසුවා පසුගිය අප්‍රේල් 29 දින සිය දිවි නසාගෙන තිබුණේ නවක වදයෙන් ඇති වුන පීඩාව නිසා බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

මැයි 01 වන දින මේ සිදුවීම සම්බන්ධව තවත් සිසුවෙකු විසින් සමනලවැව පොලිස් ස්ථානයට විධිමත් පැමිණිල්ලක් ගොනු කරන ලද අතර, ඩිල්ෂාන්ගේ සියදිවි නසා ගැනීම නවක වදය හේතුවෙන් සිදු වූ බවට එම පැමිණිල්ලෙන් චෝදනා ගොනු විය. .

පසුව, මැයි 02 වන දින, මෙම නවක වද සිද්ධිය සම්බන්ධව සිසුන් 20 දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත්තේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

අනතුරුව මැයි 03 වන දින, වැඩබලන පොලිස්පතිවරයා විසින් විමර්ශනය සම්පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නියෝග කළේය.

දැනට සිදුවෙමින් පවතින විමර්ශනයේ අනාවරණයන් මත පදනම්ව, සිසුන් 10 දෙනෙක් අත් අඩංගුවට පත් වූයේය. අධිකරණයට ඉදිරිපත් කළ මෙම පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිසුන්ගෙන් හය දෙනෙකු මැයි 04 වන දින අත්අඩංගුවට ගන්නා ලද අතර, අනෙක් සිසුන් 04 දෙනා සමනලවැව පොලිසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලදී.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චාමර සම්පත්ගේ ඇප අවලංගු කරන්නැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Next Post

කාසල් වීදිය කාන්තා රෝහලේ ශුක්‍ර බැංකුවට වැඩිම දායකත්වය ආරක්ෂක අංශවල තරුණයින්ගෙන්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.