ශ්‍රියානි විජේසිංහ –
කාසල් වීදියේ කාන්තා රෝහල තුළ ස්ථාපිත කර තිබෙන ශුක්‍ර බැංකුව සඳහා මේ වන විට වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ ආරක්ෂක සේවයේ නියැලී සිටින තරුණයින් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසයි.
මෙය ඉතා සටුදායක ආරංචියක් වන අතර රට ජාතිය වෙනුවෙන් ඔවුන් කරන කැපවීම අගය කළ යුතු යැයිද අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
මේ වන විට ශුක්‍ර බැංකුව තුල පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවත් තවත් බොහෝ දෙනෙකු ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටින බවත් හෙතෙම පවසා සිටියි.
ලියා පදිංචිය අපේක්ෂාවෙන් සිටින තරුණයින්ගේ රුධිර සාම්පල රෝග පරික්ෂාවන් සඳහා අදාල අංශයන්ට යොමුකර ඇති බවත් එම වාර්තාවන් ලැබුණු පසුව ලියාපදිංචිය ලබා දිය හැකි බවත් වෛද්‍ය දන්තනාරායන කීය.
ශුක්‍ර බැංකුවෙන් සේවාව ලබා ගත් මව්වරුන් මේ වන විට සාර්ථක ප්‍රතිපල පෙන්වමින් සිටින බවත් එම මවගේ කුස තුල වැඩෙන දරුවා උපදින තෙක් පියා නොඉවසිල්ලෙන් බලා සිටින බවත් එම පියවරුන් පැවසූ බවද වෛද්‍ය දන්තනාරායන ලංකාසර වෙත පැවසුවේය.







