බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සබරගමුව සරසවි ශිෂ්‍යයාගේ මරණයට හේතුව නවක වදයනම් දඬුවම් දෙන්නේ අපරාධ නීතියෙන්… ජනපති සහිතක වෙයි!

by editor
මැයි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේ අපරාධයන්ට වෙන් වුන භූමි කලාප තියෙන්න බෑ. අපරාධය සිද්ධ වෙන්නේ කොතැනද?. ඒක විශ්වවිද්‍යාල භූමියක් ද?. ඊට වඩා බලවත් භූමියක් ද?. ඒක අදාල නෑ. අපරාධ පනත යටතෙ ක්‍රියාත්මක වෙනවා.

  • නවක වදය නවත්වන්න සරසවි පරිපාලනය අසමත්නම් ආණ්ඩුව ඊට මැදිහත් වෙනවා… විශ්විද්‍යාල වෙන්න පුලුවන්.. කොතැනක හරි වෙන්න පුලුවන්. තව දුරටත් තව කෙනෙකුගේ පරපීඩක මානසිකත්වයට තව කිසිදු දරුවෙක් යටත් විය යුතු නෑ.

කුමන හෝ හේතුවක් මත කිසිවෙකුට තවත් අයෙක් කවර හෝ පීඩනයකට ලක් කිරීමේ කිසිම අයිතියක් නැති බවත්, විශ්වවිද්‍යාලයේ ඉහළ වසරේ සිසුවෙක් වීම නවක සිසුවෙකු හිංසනයට ලක් කිරීමේ බලයක් උපදවන්නේ නැති බවත් ජනාධිපති සියලු දෙනා තේරුම් ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ඔහු පැවසුවේ අපරාධ සඳහා දඬුවම් නොලැබෙන කලාප රට තුළ නැති බවය. මේ වනවිට ආන්දෝලනයට ලක් වී ඇති සරසවි සිසුවාගේ මරණයට නවකවදය සම්බන්ධ සිද්ධියක් පරීක්ෂණවලදී අනාවරණය වුවහොත් වැරදිකරුවන් විෂයෙහි අපරාධ නීතිය ක්‍රියාත්මක කරන බව සහතික කළ ජනාධිපතිවරයා රජය කිසිසේත් අනුමත නොකරන නවකවද සිදුවීම් නියතවම විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරිය විසින් වලක්වාගත යුතු බව කීවේය.
විශ්වවිද්‍යාල පරිපාලන අධිකාරිය ඒ සඳහා අපොහොසත් වුවහොත් මේ පසුගාමී පරපීඩක ක්‍රියාවලිය නැවැත්වීමට රජය මැදිහත්වන බව ජනාධිපතිවරයා රටට දැනුම් දුන්නේය.

ඊයේ සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක නවකවදය සම්බන්ධව සිය රජයේ ස්ථාවරය මෙසේ ප්‍රකාශ කළේය.

මම මීට අවුරුදු දෙකකට තුනකට විතර පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩාමත් එක්ක සාකච්ඡාවක් කරපු වෙලාවෙදි අපේ ස්ථාවරය ඉතා පැහැදිලිව සහ ගත යුතු ක්‍රියාමාර්ග මම ඔවුන්ට පැහැදිලිව කිව්වා.

කිසිදු කෙනෙකුට කුමණ හේතුවක් මත කවර හෝ දරුවෙක් කවර හෝ වර්ගයේ පීඩනයකට හිංසනයකට ලක් කරන්න අයිතියක් නෑ. ඒක තේරුම් ගන්න ඕන. එයා විශ්වවිද්‍යාලයේ ඉහළ දරුවෙක් වීම එයාට අමතර බලයක් උපදවන්නේ නෑ අලුත් දරුවෙකුට හිංසාවක් පීඩාවක් ඇති කරන්න.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඒ නිසා අපේ රටේ තව දුරටත් විශ්වවිද්‍යාල පද්ධතියේ නවක වදය තබිය යුතු නෑ. ඒක අපේ ස්ථාවරය. හරිම පැහැදිලියි.

ඒ වගේම මම දන්නවා විශාල ප්‍රමාණයක් නොවෙයි. තැනින් තැන සිදුවන සිදුවීම් තියනවා. ඒවා වළක්වන්නම ඕන. විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ වගකීම ඒක. ඒ වගකීම විශ්වවිද්‍යාල පාලන අධිකාරියට තියනවා.

දැන් මේ නිශ්චිත දරුවගේ ප්‍රශ්නය ඉතාම බරපතල ගණයේ ඛේදවාචකයක්. ඔහු අධ්‍යාපනය හදාරන දරුවෙක්. අනාගතය ගැන ඔහුට වගේම ඔහුගේ දෙමව්පියන්ට විශාල බලාපොරොත්තු පොදි බැඳගෙන තිබුණ ජීවිතයක්.

ප්‍රශ්නය මෙතන මට චුටි ගැටලුවක් තියනවා. සාමාන්‍යයෙන් දෙවැනි වසරෙ අය තමයි පළවෙනි වසරේ අයට රැග් කරන්නේ. එතකොට මෙයා දෙවැනි වසරේ දරුවෙක්. එතකොට දෙවැනි වසරේ දරුවෙකුට කොහොමද රැග් එකක් වැදුනෙ කියලා පරීක්ෂණවලදි හෙළිදරවු වේවි.

සාමාන්‍ය විශ්වවිද්‍යාල සම්ප්‍රදාය රැග් එකට භාජනය වන්නේ පළවෙනි වසරේ දරුවන්. රැග් දෙන්නේ දෙවැනි වසරේ දරුවන්. නියාමනය කරන්නේ තුන්වැනි වසරේ දරුවන්. මේක තමයි නිකම් තියෙන්නේ මේ විදිහේ සිස්ටම් එකක්. මම දන්නේ නෑ මේ දරුවගේ ප්‍රශ්නය කොහොමද කියලා කියන්න.

කොහොමත් දැන් මේක ආන්දෝලනයට තුඩු දීලා තියනවා. රැග් එක විසින් සිය දිවි හානි කරගත්තා කියලා මේ සිද්ධිය ආන්දෝලනයට ලක් වෙලා තියනවා. ඒ නිසා මම දැක්කා උපකුලපති තුමා කමිටුවක් පත් කරලා තියනවා.

පරීක්ෂණය හරියට කරන්න. වරදකරුවන්ට අපරාධ පනත යටතේ නඩු දානවා. මේ අපරාධයන්ට වෙන් වුන භූමි කලාප තියෙන්න බෑ. අපේ රටේ හිතන් ඉන්නවා සමහර කලාප අපරාධ නීතියට යටත් නෑ කියලා. එහෙම දෙයක් නෑ.

අපරාධය සිද්ධ වෙන්නේ කොතැනද?. ඒක විශ්වවිද්‍යාල භූමියක් ද?. ඊට වඩා බලවත් භූමියක් ද?. ඒක අදාල නෑ. අපරාධ පනත යටතෙ ක්‍රියාත්මක වෙනවා. මොකද මේව යල් පැන ගියපු, එක්තරා අවධියක වෙනම යුගයක තිබුණු දේවල්. මම දන්නවා සමහර දේවල්. අපිට මතකයි… අපිත් කැම්පස්වලනේ හිටියේ. අලුත් දරුවෙකුට අත තියන්නෙ නෑ. හැබැයි ඒක ඉක්මවා ගිහින් තියන බව අපට වාර්තා වෙනවා. ඒක නිසා මේක නතර කරන්න ඕන.

ඉස්සරවෙලා විශ්වවිද්‍යාල පාලන අධිකාරිය මේක නතර කරගන්න ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔවුන් ඊට අසමත් වන්නේ නම් ආණ්ඩුව මොකක්ද කරන්න ඕන කියලා කල්පනා කරනවා. විශ්විද්‍යාල වෙන්න පුලුවන්.. කොතැනක හරි වෙන්න පුලුවන්. තව දුරටත් තව කෙනෙකුගේ පරපීඩක මානසිකත්වයට තව කිසිදු දරුවෙක් යටත් විය යුතු නෑ. ඕක තමයි අපේ ස්ථාවරය. අපි ලෑස්තියි ඒ සඳහා කටයුතු කරන්න.

හැබැයි අපි දන්නවා පහුගිය කාලේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඔවුනගේ දේශපාලන ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා මේක මෙවලමක් කරන් කටයුතු කරපු අවස්ථා තියනවා. ඒක අපි පිළිගන්න ඕන. මේක දඩමීමා කරගන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පොදු ක්‍රියාකාරකම් නවත්වන්න. අන්න ඒකට අපි එකඟ නෑ. ඔවුන්ට දේශපාලනය කිරීමේ අයිතිය, ඔවුන්ට සංවිධානය වීමේ අයිතිය, ඔවුන්ට මහජනයා පිළිබඳ සහ රට පිළිබඳ අදහස් දැක්වීමේ අයිතිය අපි තහවුරු කරන්න ඕන. හැබැයි පහුගිය කාලේ ප්‍රවේශය වුනේ ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සඳහා මෙය දඩමීමා කරගෙන කටයුතු කළා.

අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලන අයිතීන් සියල්ල ඒ ආකාරයෙන් පිළිගන්න ගමන් කිසිවෙකුගේ තියන මානසික ව්‍යාධියකට, පරපීඩක මානසික්තවයකට කිසි දරුවෙක් යටත් වෙන්න ඕන නෑ කියන ප්‍රතිපත්තියේ ඉඳන් අපි කටයුතු කරනවා.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැයි දිනයට කතා කළේ පක්ෂ නායකයා හා ප්‍රේමදාසගේ පුතා නිසා… අවසන් කම්කරුවා දක්වා පිටව යන තුරු රැඳී ඉන්නට බැරිනම් මින් පසු කිසිම මැයි දිනයකට එන්න එපා… ආනන්ද පාලිත සජිත්ට කියයි!

Next Post

ඩෑන්ට වෙඩි තැබූ සැකකාර ඝාතකයා අත් අඩංගුවට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.