සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වූ කොමිෂන් සභා පනතත්, පළාත් සභා වලට ඉඩම් බලතල ලබාදීම සඳහා වූ පනතත් පළමු වර කියවයි… දැඩි විරෝධතා මතුවෙයි!

by editor
සැප්තැම්බර් 3, 2024
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වූ කොමිෂන් සභාව පිහිටුවිම සඳහා විධි විධාන ලබා දීමට අදාල පනත් කෙටුමපතත් පාලාත් සභා සඳහා ඉඩම් බලතල ලබා දීමට අදාල පනත් කෙටුම්පතත් පළමුවර කියැවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම පිළිබඳව අද (03) පාර්ලිමේන්තුව තුළ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වූයේය.

තව සති කීපයකින් නව ජනවරමක් සහිත රජයක් පිහිටුවීමට නියමිත බැවින් මෙවැනි බරපතල කාරණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හදිස්සිය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සභානායකවරයාගෙන් ප්‍රශ්න කළ සිටියේය.

එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සභානායකවරයාව මෙසේ ප්‍රශ්න කළේය.

සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධාන කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් ලෙස තිබිලා අද පළමුවර කියැවීම සිදුකළා. මේක අපි ත්‍රස්තාවදයට විරුද්ධව කළ යුද්ධය සම්බන්ධව ජිනීවා 30.1 යෝජනාව අනුව එන පනත් කෙටුම්පතක්.

දැනටම 42ක් ආරක්ෂක හමුදා රණවිරුවන් නාම ලේඛනයක් තියනවා බ්ලැක් ලිස්ට් කරපු. මේ පනත මගින් වෙන්නේ ඒ අයෙට විරුද්ධව පරීක්ෂණ කරන එක. ඒකට මේක එන්නේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මම ඔබතුමාගෙන් අහනවා 69 ලක්ෂයක් ජන වරමෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තේරි පත් වුනා නම් ඒ ජන වරම තවමත් නියෝජනය කරනවා නම් මොකක්ද මේ වගේ පනතක් ගේන්න තියන සදාචාරාත්මක අයිතිය සහ බලය.

එවිට සභානායක සුසිල් ප්‍රේමජයන්ත කීවේ පනත ගෙනැවිත් ඇති බවත්, ඊට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අභියෝග කිරීම සඳහා දින 07ක කාලයක් ඇති බවත්, උසාවියේ තීන්දුව පැමිණිමට දින 21ක් ඇති බවත්ය. අනතුරුව කාරක සභා අවස්ථාවටත් පනත යොමුවන බව සභානායකවරයා පැවසුවේය.

එහිදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ නව ජනවරමක් ඇති ආණ්ඩුවක් සඳහා මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් දීමට ඉඩ දෙන ලෙසය.

වසර 35කට වැඩි කාලයක් පැවති පළාත් සභා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධ පනත් කෙටුම්පත මේ තරම් හදිස්සියේ මේ මහ මැතිවරණයක් අතරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හදිස්සිය කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

“පලාත් සභා ඉඩම් පිළිබඳ යෝජනාවක් ගේන්න එපා ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීමට. සත්‍ය කොමිසවගේ යෝජනා ගේන්න එපා මේ හදිස්සියේ.
නව ජන වරමකින් පත්වන නව රජයට ඒ අවස්ථාව දෙන්න ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්න.

ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කී විට සභානායකවරයා කීවේ කිසිම දෙයක් සදහා කිසිම හදිස්සියක් නැති බවත් පත්වන රජයකට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවස්ථාව ඇති බවත්ය.


Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද සමයේ ගුරු හිඟය සහිත උතුරුමැද දුෂ්කර පාසල්වලට අනුයුක්ත කර දැනට අවුරුදු 17ක් ගුරු සේවයේ යෙදෙන සිවිල් ආරක්ෂක භටයින් 108ක් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට සූදානම්!

Next Post

ආගම අනතුරේ ජාතිය අනතුරේ කියලා උලා කාලා ඉවරයි… මේ සැරේ ජනාධිපතිවරණයෙන් දැක්ක හොඳම දේ ඒකයි… අධිකරණ ඇමති අලි සබ්රි විමල්ලා ට කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.