සත්‍ය සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වූ කොමිෂන් සභාව පිහිටුවිම සඳහා විධි විධාන ලබා දීමට අදාල පනත් කෙටුමපතත් පාලාත් සභා සඳහා ඉඩම් බලතල ලබා දීමට අදාල පනත් කෙටුම්පතත් පළමුවර කියැවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම පිළිබඳව අද (03) පාර්ලිමේන්තුව තුළ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වූයේය.
තව සති කීපයකින් නව ජනවරමක් සහිත රජයක් පිහිටුවීමට නියමිත බැවින් මෙවැනි බරපතල කාරණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හදිස්සිය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සභානායකවරයාගෙන් ප්‍රශ්න කළ සිටියේය.
එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සභානායකවරයාව මෙසේ ප්‍රශ්න කළේය.
සත්‍ය සමගිය සහ ප්රතිසංවිධාන කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් ලෙස තිබිලා අද පළමුවර කියැවීම සිදුකළා. මේක අපි ත්‍රස්තාවදයට විරුද්ධව කළ යුද්ධය සම්බන්ධව ජිනීවා 30.1 යෝජනාව අනුව එන පනත් කෙටුම්පතක්.
දැනටම 42ක් ආරක්ෂක හමුදා රණවිරුවන් නාම ලේඛනයක් තියනවා බ්ලැක් ලිස්ට් කරපු. මේ පනත මගින් වෙන්නේ ඒ අයෙට විරුද්ධව පරීක්ෂණ කරන එක. ඒකට මේක එන්නේ.
මම ඔබතුමාගෙන් අහනවා 69 ලක්ෂයක් ජන වරමෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තේරි පත් වුනා නම් ඒ ජන වරම තවමත් නියෝජනය කරනවා නම් මොකක්ද මේ වගේ පනතක් ගේන්න තියන සදාචාරාත්මක අයිතිය සහ බලය.
එවිට සභානායක සුසිල් ප්‍රේමජයන්ත කීවේ පනත ගෙනැවිත් ඇති බවත්, ඊට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අභියෝග කිරීම සඳහා දින 07ක කාලයක් ඇති බවත්, උසාවියේ තීන්දුව පැමිණිමට දින 21ක් ඇති බවත්ය. අනතුරුව කාරක සභා අවස්ථාවටත් පනත යොමුවන බව සභානායකවරයා පැවසුවේය.
එහිදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ නව ජනවරමක් ඇති ආණ්ඩුවක් සඳහා මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් දීමට ඉඩ දෙන ලෙසය.
වසර 35කට වැඩි කාලයක් පැවති පළාත් සභා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධ පනත් කෙටුම්පත මේ තරම් හදිස්සියේ මේ මහ මැතිවරණයක් අතරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හදිස්සිය කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
“පලාත් සභා ඉඩම් පිළිබඳ යෝජනාවක් ගේන්න එපා ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීමට. සත්‍ය කොමිසවගේ යෝජනා ගේන්න එපා මේ හදිස්සියේ.
නව ජන වරමකින් පත්වන නව රජයට ඒ අවස්ථාව දෙන්න ඒ සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්න.
ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කී විට සභානායකවරයා කීවේ කිසිම දෙයක් සදහා කිසිම හදිස්සියක් නැති බවත් පත්වන රජයකට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවස්ථාව ඇති බවත්ය.







