බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් කියන විකාර කතා ඇහුවම ඔහුට ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීමක්වත් කරන්න පුලුවන් ද?… අනුර තරුණයින්ගෙන් අසයි!

by editor
සැප්තැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විරුද්ධ පාර්ශවය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට තල්ලු වී ගොස් ඇති බවත් 21 වැනිදා සිදුවන බල හුවමාරුව වළක්වා ගැනීම සඳහා ඔහු දියත් කළ හැකි පහත්ම දේශපාලන මඩ අවලාද හා කත්කඩිකම් භාවිතා කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු පැවසුවේ දේශපාලන බල හුවමාරුවක් පමණක් නොවන විශාල සමාජ පරිවර්තනයක් සමග වන සිදුවන වෙනස තුළ පුද්ගලික දේපළ බෙදී යනවාක් සේ සිදුවු දේශපාලන බලයට හිමිකම් කීම නතර වී එය කෙටි කාලයක් තුළ මේ රටේ සැබෑ තරුණ පරම්පරාව වෙත හිමිවනු ඇති බවය. ප්‍රතිපක්ෂ දේශපාලනය කලබල වී ඇත්තේ මේ වෙනස නිසා බව පැවසූ අනුර කුමාර දිසානායක නාමල් රාජපක්ෂට, සජිත් ප්‍රේමදාසට පියා ජනාධිපති වීම හැර ජනාධිපති ධූරය සඳහා ඇති වෙනත් සුදුසුකම් මොනවාදැයි විමසා සිටියේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වන්නේ ජේ.ආර්. මාමා වීමේ අනුහසින් බවද ඔහු පෙන්වා දුන්නේය.

“සජිත් කියන කරන විකාර දෙස බැලුවහම ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වීමට සුදුසුදැයි ඔබම කල්පනා කර බලන්න” ඔහු තරුණයින්ගෙන් ඉල්ලා සිටියේය.

අනුර කුමාර දිසානායක සමුළුව අමතමින් මෙසේ ද පැවසුවේය.

මේ සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි බවට අපි හැම දෙනාටම, මහත් විශ්වාසයක් තිබෙනවා. අද අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දී තිබෙනවා. ඔවුන් හිතුවේ ඔවුන් එකිනෙකා අතර පමණක් බලය හුවමාරු වීම චිරාත් කාලයක් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් එළඹෙන 21 වැනිදාට සහතික වශයෙන්ම ඒ සම්ප්‍රදායික බල හුවමාරුව අවසන් වෙනවා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අද ඔවුන් ඉතාම කැත, අවලස්සන, ජඩ දේශපාලනයකට අවතීර්ණ වී සිටිනවා. අසත්‍ය, මඩ, අවලාද විටෙක කෝපය, වෛරය ඔවුන් අපට එරෙහිව පතුරවමින් සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් එය තීව්‍ර කරාවි කියලා අපි හිතනවා. අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ, අපේ හතුරා අපිට එරෙහිව කරන කිසිම දෙයකින් අපේ ජයග්‍රහණය නතර කළ නොහැකි බවයි. පසුගියදා රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා, මම මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළා කියලා. ඔහුට අවස්ථාවක් තිබෙනවා ඔහුගේ ප්‍රකාශය නිවැරදි කර, කනගාටුව පළ කරන්න. එසේ නොකළහොත් අපි නඩු දමනවා. තිස්ස අත්තනායක කියලා තිබුණා අපි ආව ගමන් නුවර පෙරහැර නතර කරනවා කියලා. දැන් ඔවුන් නැවත ජාතිවාදය, ආගම්වාදය අවුළුන්න උත්සාහ දරනවා. තිස්ස අත්තනායක කණගාටුව ප්‍රකාශ කළත් අපි ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඔහු කූට ලේඛන සකස් කරන්න කප් ගහපු කෙනෙක්. එහෙම කරලා රිමාන්ඩ් භාරයට පත්වූ කෙනෙක්. දැන් දින කිහිපයකට පෙර අපේ වසන්ත සහෝදරයා අත්අඩංගුවට ගන්න නියෝග කළා කියලා විශාල මඩක් ගැහුවා. ඒ පිළිබඳවත් අනිවාර්යයෙන් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ කැත පන්නයේ දේශපාලන ක්‍රීඩාව දැන්වත් නතර කළ යුතුයි. අපි මේ තත්වයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.

ඊයේ පෙරේදා දවසක රනිල් වික්‍රමසිංහ “මා මිත්‍ර අනුර, මගේ යාළුවා” කිය කිය ඉන්නවා මම දැක්කා. ඔය එන්නේ ‘ශේප් වෙන්න’. යාළුවා කිය කියා මොනතරම් ශේප් වෙන්න ආවත් අපේ පාලනයක් යටතේ මහ බැංකු වංචාවට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගන්නවාමයි. පසුගිය කාලේ එයා බාර් ලයිසන් දීපු ඒවා ගැනත් පරීක්ෂණ පවත්වනවා. ‘යාළුවා’, ‘යාළුවා’ කියලා මොනතරම් අපි පසුපස ආවත් එල්ආර්සී එකේ ඉඩම් බෙදපු ආකාරය ගැන අපි අනිවාර්යයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම ඔහු අපේ රටේ වංචනිකයන් ආරක්ෂා කර ගැනීමට දරන ප්‍රයත්නයන් ගැනද පරීක්ෂණ පවත්වනවා. රනිල්, සැප්තැම්බර් 21න් පස්සේ ඔබට යාළුවාගේ තරම තේරුම් යාවි.අපේ රටේ තරුණ පරම්පරාව දීර්ඝ කාලයක් තිස්සේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පොර බැදුවා. විටෙක සටන්කාමී ලෙසද, විටෙක මතවාදී ලෙසද පොර බැදුවා. නමුත් අවසන් ජයග්‍රහණය ලබන්න අසමත් වුණා. ඔබ කළ ඒ අරගලය ඇතුලේ තිබූ සෑම අපේක්ෂාවක්ම, පරමාර්ථයක්ම ඉටුකිරීමේ වගකීම අපි සැප්තැම්බර් 21න් පස්සේ බාර ගන්නවා. අපේ රටේ දේශපාලනයට එන්න තිබෙන දොරටු පැරණි පාලකයන් විසින් වසා තිබුණා. දේපොළ පරම්පරාවෙන් පරම්පරාවට පවරනවා වගේ අපේ රටේ දේශපාලනයත් ගලා ගියේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒ පරම්පරාවේ දේශපාලනය ගැන තරුණ පරම්පරාවට තිබෙන්නේ විශාල පිළිකුළක්; හිරිකිතයක්. අලුත් පරම්පරාවට දේශපාලනය ගෞරවනීය තැනක්, වටිනාකමක් ඇති තැනක් බව පෙන්වීමට ජාතික ජන බලවේගයේ අපි අවශ්‍ය පරිවර්තන කරනවා.

සජිත් කියන කරන විකාර දෙස බැලුවහම ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වීමට සුදුසුදැයි ඔබම කල්පනා කර බලන්න. ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත් වන්නේම තාත්තා ජනාධිපතිවරයෙකුව සිටි නිසාමයි. නාමල් රාජපක්ෂත් එසේමයි. රනිල් එසේ වන්නේ මාමා ජනාධිපති වූ නිසයි. මේ රටේ ජාතික දේශපාලනය ගොනු වී තිබෙන්නේද පවුල් 04ක් 05ක් අතේ. ඔබේ දිස්ත්‍රික්කයේ, ඔබේ ආසනයේ පමණක් නොවෙයි, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දේශපාලන තත්වයත් එයම නොවේද? සමහර පවුල් තිබෙනවා තාත්තා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලොකු පුතා පළාත් සභාව නියෝජනය කරනවා. පොඩි පුතා ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. දේශපාලනය පවුල් පඩිපෙළක තියලා වගේ. තාත්තා එක පඩියකින් ඉවත් වෙන විට පුතා ඒ පඩියට නගිනවා. මේ පරම්පරාගත දේශපාලන පවුල් අපේ රටට මහා විනාශයක් කර තිබෙනවා. මේ පවුල් පරම්පරා අතර හුවමාරු වෙන දේශපාලන බැට්න් එක තාවකාලිකව අපි අතට ලබාගෙන තරුණ පරම්පරාව වන ඔබ අතට ලබාදීම අපි වගකීමක් ලෙස පවරාගෙන තිබෙනවා.

ඒ දේශපාලන බැට්න් එක අපි පරම්පරාවෙන් පරම්පරාවට භාර දෙන්නේ නැහැ. ඒ වගේම මේ ලැබෙන බැට්න් එක පණනල පවතින තුරු අපේ අතේ තබා ගන්නේත් නැහැ. අපි එය තබාගෙන ඉන්නේ සීමිත කාලයකට පමණයි. අපේ වගකිම ඉටුකළ විගස අපි එය මේ රටේ තරුණ පරම්පරාවට බාරදීලා ඔබ රට කරන හැටි සැනසිල්ලේ බලාගෙන ඉන්නවා. අපි බදා ගන්න පුරුදු වූ මිනිස්සු නොවෙයි. අත් හරින්න පුරුදු වූ මිනිස්සු. සැප්තැම්බර් 21 වැනිදා සිදුවන්නේ හුදු දේශපාලන බල හුවමාරුවක් නොවෙයි. මෙතෙක් අපේ රටට උරුම කරදී තිබූ නරුම දේශපාලනය වෙනුවට මුළුමනින්ම පරිවර්තනය යුගයකට යොමු කරන දේශපාලනයක් සැප්තැම්බර් 21 දින උදා වෙනවා. අපි ඔබ එක්ව මේ දින කිහිපය වැඩ කළ යුත්තේ ඒ සඳහායි. අපේ දුප්පත් හා මැද පාංතික තරුණ පරම්පරාවට ගොඩඑන්න තිබෙන මාර්ගය තමයි අධ්‍යාපනය. අපේ රටේ නිදහස් අධ්‍යාපනය නොතිබෙන්නට පෞද්ගලිකව මා, ඔබ මෙතන නොසිටින්නට ඉඩ තිබුණා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අධ්‍යාපනයේ මහා විසල් පර්වර්තනයක් මේ රටේ තරුණ පරපුර හා දූ දරුවන් වෙනුවෙන් අපි සිදුකරනවා.

ඉතා පටු සීමාවක රඳවා තිබෙන මේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අපි ඔබට සෞඛ්‍යය, සතුට, ප්‍රබෝධය ගෙනෙන ක්ෂේත්‍රයක් බවට පත් කරනවා. සංචාරක ව්‍යාපාරය රටට ආදායම් ගෙනෙන හා රැකියා උත්පාදනය කරන දියුණු කර්මාන්තයක් බවට පත් කරනවා. මේ රට සියලු පැතිවලින් පිරිසිදු කර, ඔබේ සිහින සැබෑ කරන ලස්සන ජීවිතයක් අත් විඳින්නට ඔබට ලැබෙන පොහොසත් ශ්‍රී ලංකාවක් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි ගොඩනගනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී දළදා මාළිගාව තුළ ප්‍රී ෂූට් එක පොලිසිය නොදැන සිද්ධ වෙන්න බෑ… දියවඩන නිලමේවරයා පවසයි…

Next Post

එස්.බී.ගේ හැකර කට යළිත් අවුලක් ඇති කරගෙන… වතු පාලන අධිකාරියේ දේපල ගිනි තබන බවට කළ තර්ජනයෙන් කොටස් වෙළඳපල තැති අරන්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.