වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්රකාශ කිරීමට යමින් සිටියදී ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්රීවරුන් දෙදෙනෙකු අද (27) පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වී තිබේ.
මෙම සිද්ධිය හේතුවෙන් සභා සැසිවාරයට බාධා එල්ල වී ඇති අතර, එය නියමිත පරිදි සිදුකිරීමට නොහැකි වී ඇත.
පැහැරගත් මන්ත්රීවරුන් දෙදෙනා ආරක්ෂිතව ආපසු පැමිණි පසු පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව තවදුරටත් වාර්තා වී තිබේ.
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කර ඇති නියෝජිතයා ප්රබල පාතාලයෙක් වූ මිදිගම ලසා ලෙසින් හඳුන්වන ලසන්ත වික්රමසේකර බව ඊයේ වාර්තා විය. මෙම පාතාල අපරාධකරු හරක්කටා සමග සමීප සම්බන්ධකම් සහිත, සන්ෂයින් සුද්දා නැමැති පාතාල සාමාජිකයා ඝාතන නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර ඇති, නඩු ගණනාවක් අධිකරණයේ ඇසෙමින් තිබෙන, දැනට ඇඟ බැඳ අත් හිටවූ සිරදඬුවම් ද විඳින තැනැත්තෙක් බව වාර්තා වේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මාලිමාව සභික ධූර 22ක් සහිතව පක්ෂයක් ලෙස වැලිගම ප්රාදේශීය සභාවේ වැඩි බලය අත් පත් කරගත්තේය.
සජබ තමයි හොඳටම කළේ… වැලිගම ප්රාදේශීය සභා සභාපතිකමට සජබෙන් පාතාලයේ මිදිගම ලසා…







