ආනයනික ලුණු බහාලුම් පහක් ජාතික තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් නැවත අපනයනය කිරීමට නිර්දේශ කර ඇත.
රේගු ප්‍රකාශක සීවලි අරුක්ගොඩ ප්‍රකාශ කළේ රට තුළට ගෙන එන සියලුම ලුණු බහාලුම් දැඩි ප්‍රමිති පරීක්ෂාවකට ලක් කරන බවය. අ
දාළ බහාලුම් පහ ශ්‍රී ලංකා ප්‍රමිති සහතික කිරීමේ අවශ්‍යතාවලට අනුකූල නොවන බව තහවුරු වීමෙන් අනතුරුව මෙලෙස ප්‍රති අපනයනය කිරීමට නියෝග කර තිබේ. රේගුවට අනුව, අදාළ ආනයන බලපත්‍රය යටතේ ලුණු බහාලුම් 2,000 ක් පමණ ආනයනය කර තිබේ.







