බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ – පාතාල සම්බන්ධකම් නම් ගම් ඇතිව හෙළි කරන්න සූදානම්… මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට දැනුම් දෙයි!

by editor
මැයි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළේ වගකීමකින් බවත් සමගි ජන බලවේගයට සම්බන්ධ ඇතැම් මන්ත්‍රීවරුන් සමග ඇති පාතාල සම්බන්ධය නම් ගම් සමග හෙළි දරවු කිරීමට සූදානම් බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී කීවේ පාතාල කල්ලි 10ක් සමග එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල දේශපාලන චරිත සම්බන්ධකම් පවත්වන බවට බුද්ධි තොරතුරු හෙළි කර ඇති බවය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශකට පිිළිතුරු දෙමිනි. සජිත් ප්‍රේමදාස සිය කතාව අතර මෙසේ පැවසුවේය.

“ඊයේ දිනයේ මහජන ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කළා සමගි ජන බලවේගයේ නායකයින්, දේශපාලකයින් පාතාලය සමග සම්බන්ධයි කියලා. මම ඉල්ලිමක් කරනවා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් කරුණාකරලා පාතාලයත් එක්ක සම්බන්ධ සමගි ජන බලවේගයේ නායකයො කවුද?, නායකයා සම්බන්ධ ද, ඒ නායකත්ව කණ්ඩායමේ තනතුරු දරණ අය සම්බන්ධ ද? සාමාජිකයො සම්බන්ධ ද… කරුණු කාරණා ඉදිරිපත් කරන්න… ගත්තු කටට තවත් බොරුවක් තුළින් රට අන්දවන්න හදන්න එපා. රටේ ජනතාව නැවත වරක් අන්දන්න හදන්නේ නැතිව… අපි කියනවා බොහොම පැහැදිලිව… සමගි ජන බලවේගය පාතාලය එක්ක සම්බන්ධ නෑ… ” සජිත් ප්‍රේමදාස පැවසුවේය.

ඊට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මෙසේ පැවසුවේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

“විපක්ෂ නායක තුමා… මම මේ සම්බන්ධව ඊයේ දිනයේත් මීට පෙර දිනකත් පාතාල සම්බන්ධතා පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ඒවා වගකීමකින් ඉදිරිපත් කළේ. දත්ත එක්ක කතා කරන්න කියලා. අපට පුලුවන සජබෙ සමහර මන්ත්‍රීවරුන් එක්ක තියන පාතාල සම්බන්ධකම් පිළිබඳව මේ සභාවට හෙළිදරවු කරන්න. විමර්ශනයක් පවතිනවා. විමර්ශනයෙන් පසුව අප මේ සභාවට කාරණා ඉදිරිපත් කරනවා. ”
“ඔබතුමා හැන්සාඩ් එක බලන්න. මෙතනදී සමහර නම් ඉදිරිපත් කළා. මම අවධාරණය කරන්නේ මේ පිළිබඳව මෙතනදී කරුණු ඉදිරිපත් කළා නම් ඒක වගකීමක් ඇතිව ඒක කළේ. මෙතන බොරු කියන්න අපි සූදානම් නෑ. ඔබතුමාලට හැම වෙලාවෙම තම තමන්ට උවමනා දේවල් කියන්න පාවිච්චි කරන්න බෑ. වගකීමක් ඇතිව කියලා තියෙන්නේ. නම් ඉදිරිපත් කරලා තියනවා. හැන්සාඩ් එක ඔබතුමා අරන් බලන්ඩ. ගිය සතියට පෙර සතියේ මම ඉදිරිපත් කළා.”

“ඒ හින්දා මම ඉදිරියටත් මේ කාරණා ගැන කතා කරනවා. දැනට විමර්ශනයක් යන නිසා මේ කාරණා දැන් මම ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ නෑ.”

සජිත් ප්‍රේමදාස – “ඔබතුමාගෙන් අහන්න කැමතියි සමගි ජන බලවේගයේ නායක කාරකාදීන් සාමාජිකයින් සබන්ධනම් පාතාලයත් සමග ඔබතුමා නම් ගම් සමග හෙළිදරවු කරන්න.”

මහජන ආරක්ෂක ඇමති – හැන්සාඩ් එක අරන් බලන්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩ බැරි අදක්ෂ ආණ්ඩුව 2028 දී රට බංකොලොත් කිරීමට නියමිතයි… සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී කියයි…

Next Post

ඇප පිට ඉද්දී රටින් පැන ගිය කුප්‍රකට අපරාධකාර කුඩු සළිඳු තමන්ට රතු නිවේදනයක් නිකුත් කිරීම වළක්වන්න රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.