සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ ගෙනෙන විධායක ජනාධිපති ක්‍රමය අහොස් කිරීමේ යෝජනාවට අත උස්සන්නෙ නෑ… දයාසිරි කියයි!

දරුවත් බේසමත් වතුරත් එකට විසිකරන්න බෑ... විධායක ජනපති ක්‍රමය අහෝසි කිරිම ගැන ශ්‍රී.ල.නි.ප ස්ථාවරය පාර්ලිමේන්තුවේ දී පලවෙයි.

by editor
අප්‍රේල් 22, 2022
in පුවත්
Dayasiri
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ගෙන එන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව  සඳහා   අත ඔසවන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අද ( 22) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

දරුවාත් බේසමත් වතුරත් එක්වර විසිකිරීමට වගකිවයුතු මන්ත්‍රීවරුන් ලෙස තමන් සූදානම් නැති බව ද ඔහු පැවසුවේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“1978 සිට අප විධායක ජනාධිපති ක්‍රමය යටතේ කටයුතු කරනවා. ඒ වගේම විවිධ අවස්ථාවල දී ඒක වෙනස් වෙනවා. 17 වැනි ව්‍යවස්ථා සංශොධනයෙදි ජනාධිපති බලතල අඩු වෙනවා.  18න් බලතල වැඩි කරගන්නවා. 19 ගෙනත් බලතල අඩු කරගන්නවා. අඩු කරගත්තාම ඉතාම ලොකු අර්බුදයක් රට ඇතුළෙ ඇති වෙනවා. විධායකය සහ ව්‍යවස්ථාදායකය ගහගන්න තැනට එනවා.  ඊට පස්සේ 20 ගෙනත් තිබුණාටත් වඩා බලතල වැඩි කරගන්නවා.“

“සජබ ගෙනත් තිබෙන යෝජනාව අනුව දරුවත් බේසමත් වතුරත් එකවර විසි කරන්න අපට බෑ.  අප දන්නවා විධායක ක්‍රමය ගැටගැහිලා තියන කාරණා දෙකක් තියනවා. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“එකක් තමයි චන්ද මේ ක්‍රමය. ජනාධිපති ක්‍රමයත් එක්ක ගැටගැහිලා තිබෙන අනෙක් කාරණාව තමයි පලාත් සභා ක්‍රමය. “

“බැරිවෙලාවක්වත් පලාත්සභා ක්‍රමය විධායක ජනාධිපතිවරයෙක් නැතිව ක්‍රියාත්මක වෙන්න ගියොත් වර්ෂ 1987 සර්වානන්ද විනිශ්ඡයකාරතුමා දුන්න බෙදුණු නඩු තීන්දුව  අනුව  ඉතිරිවෙන්නෙ ෆෙඩරල් රාජ්‍යයක්. ඒ නිසා අපට ඒක ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න බෑ මේ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු විදිහට. “

“ඒ නිසා අපි බොහොම පැහැදිලිව රටේ ඒකීය භාවය සහ නඩු තීන්දු ගැන කල්පනා කරලා  ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අනාගත වැඩපිළිවෙළකට යා යුතු බවයි අප කියන්නෙ. ඒ ක්‍රියාත්මකවන වැඩපිළි‍වෙළ තුළ රට බෙදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නම් අස්ථාවර ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තුව තුළ ඇතිවෙනවා නම් අපට ඊට අත උස්සන්න පුලුවන්කමක් නෑ.‘

“මේ ක්‍රියාදාමය තුළ ඡන්ද ක්‍රමයත් පළාත් සභා ක්‍රමයත් ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය ගැන තීන්දුවකට පැමිණිය යුතුයි. මේ ජනාධිපති ධුරය ඉවත් කිරීමේ ක්‍රියාදාමයට   සෑහෙන කාලයක් යනවා. හේතුව මේකට ජනමත විචාරණයක් තියන්න ඕන. ඒක තීන්දු කරන්නෙ මේ රටේ දැනට ඉන්න ජනාධිපතිවරයා. ඔහුට පමණයි ජනමත විචාරණයක් කැඳවන්න පුලුවන්. ඒ නිසා ජනමත විචාරණයක් ඔහු කැඳෙව්වෙ නැතිනම් ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්නෙ නෑ. “

‘අනික ජනමත විචාරණයක් මේ වෙලාවෙ කැඳවන්නත් බෑ මේ වෙලාවෙ. මිනිස්සු ජනමත විචාරණයක් තියා ඡන්දයක් තියා පාර්ලිමේන්තුවෙ ඉන්න 225ම එපා, ගෙවල්වලට පලයල්ලා කියලා කියන මට්ටමකට ඇවිත් තියෙන්නෙ.“

“අරගලයේ ඉන්නෙ ජනතාව කියන්නෙ ජනාධිපතිට ගෙදර යන්න කියලා.  රාජපක්ෂවරුන්ට ගෙදර යන්න කියලා. දැන් 225ම ගෙදර යන්න කියලා. එතන කවුරුත් ජනාධිපති ක්‍රමය අහොසි කරන්න කියලා සටන් පාඨ කියන්නෙ නෑ. ජනාධිපතිවරයා සතුව ඇති අභිමත බලතල අඩු කරන්න කියලා ඒ අය කතා කරනවා.“

“අපි කතා කරන්නෙ වෙනස් කතාවක්. 21 වැනි සංශෝධනය ගෙනත් අපි කරන්නෙ සාමකාමී විප්ලවයක්.  19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, සං‍ශෝධන සහිතව ගෙනත් අපට විශාල වැඩ කොටසක් කරන්න පුලුවන්. මහා නායක හිමිවරුන් ඉල්ලුවෙත් එයයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ යයි.. දැන් මිල 5175

Next Post

ගෑස් මිල ඉහළ දැමීමේ තීරණය රිවස් වේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.