WhatsApp සමාජ මාධ්‍ය වේදිකාව නව රහස්‍යතා විශේෂාංග තුනක් හඳුන්වා දීමට සූදානම් වන බව Meta platforms හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් නිවේදනය කළේය.
නව රහස්‍යතා විශේෂාංග තුනට පහත දෑ ඇතුළත් වනු ඇත.
1 සැමට දැනුම් නොදී සමූහ කතාබස් වලින් ඉවත් වීම
2 අයෙක් අන්තර්ජාලයේ සිටින විට එය දැකිය යුත්තේ කවරෙක් ද යන්න තීරණය කිරීම
3 පණිවිඩ එක් වරක් බැලීමේදී තිරපිටපත් ලබා ගැනීම වැළැක්විම
“අපි ඔබේ පණිවිඩ ආරක්ෂා කිරීමට නව ක්‍රම ගොඩනඟමින් ඒවා පුද්ගලික සහ මුහුණට මුහුණ කෙෙරන සංවාද ලෙස සුරක්ෂිතව තබා ගන්නෙමු” යනුවෙන් සකර්බර්ග් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.








