සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම පස් ගුණයකින් වැඩි කරගත යුතුයි… ජනපති යාල සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක් ඉල්ලයි!

by editor
අගෝස්තු 20, 2023
in පුවත්, ව්‍යාපාර
Ranil
Share on FacebookShare on Twitter

එක් සංචාරක කලාපයක් ලෙස යාල ප්‍රදේශත්  අලි මං තීරුව ආවරණයවන පරිදි  උඩවලව, කුමන   ප්‍රදේශ එ්ක සංචාරක කලාපයක් ලෙසත්  සංවර්ධනය කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා වනජීවී සහ  වන සංරක්ෂණ අමාත්‍යවරයාගෙනුත්, අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙනුත් ඊයේ (19) ඉල්ලා සිටියේය.

සංචාරකයින්ගේ පැමිණීම දෙගුණයක් කර රටට එන ආදායම හතර පස් ගුණයකින් වැඩි කරගත හැකි නව සැලසුමක් වෙත රට ගමන් කළ යුතු බවද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය  විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) පස්වරුවේ එක් වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී  වැඩිදුරටත් මෙසේ ද පැවසීය

“අද  යාල ප්‍රදේශයේ අලුතින් විවෘත වන මෙම හෝටලය ඉහළ මට්ටමේ සුඛෝපභෝගී හෝටලයක් ලෙස විවෘත කිරීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙමගින් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ නව දියුණුවක් ඇති කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ පිළිබඳ මම මෙල්වා සහ හිල්ටන් සමූහයට ස්තුතිවන්ත වෙනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අතීතයේ මේ යාල ප්‍රදේශයේ සිතුල්පව්ව සහ ආකාශ චෛත්‍ය නමින් පැරණි පුදබිම් දෙකක් පැවතියා. ඒ අනුව මෙහි පැවති සශ්‍රීකත්වය සහ සහයෝගීතාව මෙන්ම විශ්මිත ඉදිකිරීම් සිහි ගැන්වෙනවා.”

“සංචාරක කර්මාන්තයේ නව ප්‍රවර්ධනයක් ඇති කරමින් එය ඉදිරියටට ගෙනයාම අපේ අරමුණයි. ඒ සඳහා සියලුදෙනා දායක කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා.”

“මෙම යාල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ දී එක් ප්‍රදේශයක් ලෙස එය සංවර්ධනය කළ යුතුයි. උඩවලව, කුමන මෙම සියලු ස්ථාන එකිනෙකට සම්බන්ධවයි පවතින්නේ. උඩවලව වන අලි මංතීරුව කුමන දක්වා විහිදෙනවා. මේ ප්‍රදේශ එක කලාපයක් ලෙස සංවර්ධනය කළ යුතුයි. “

“ඒ වගේම මෙම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ද වැඩිදියුණු කළ යුතු වෙනවා. මෙම යාල කලාපය සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යවරයාගෙන් මෙන්ම සංචාරක අමාත්‍යවරයාගෙනුත් එම අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනවා.”

“අප එයින් තවත් ඉදිරියට ගොස් ගල්ඔය, මාදුරුඔය, සෝමාවතිය, මින්නේරිය, වස්ගමුව වැනි ස්ථාන පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. “

“සංචාරකයන්ට කොළඹින් යාත්‍රාවකට නැග, පුත්තලමට පැමිණ  දිනක් හෝ දෙකක් විල්පත්තුවේ ගතකර ආපසු යා හැකි අන්දමින් අප එම පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. ඒ වගේම සංචාරකයන්ට නව අත්දැකීමක් ලැබෙන අයුරින් වනජීවි රක්ෂිත නිර්මාණය කිරීමේ අවස්ථාව පවතිනවා. ඉන්දියාවට සහ නේපාලයට ගිය විට එවැනි ස්ථාන දැකබලාගත හැකියි. අප මේ පිළිබඳ අවධානය යොමු කරමින් නව සැලැස්මක් සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි. “

“අප මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් බවට පත් කරගත යුතුයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් හතර පස් ගුණයකින් වැඩි කර ගත යුතුයි. 1981 දී මම මාලදිවයිනේ සිදු කළ සංචාරයේ දී මා දුටුවා  අපේ රටට පැමිණෙන සංචාරකයන්ට වඩා අඩු පිරිසක් තමයි එදා මාලදිවයිනට පැමිණියේ. අද අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වන ලක්ෂ 25කට සමාන සංඛ්‍යාවක් මාලදිවයිනට ද පැමිණෙනවා.”

“අප එක සංචාරකයෙකුගෙන් අය කර ගනු ලබන්නේ ඩොලර් 200ක පමණ මුදලක්. මාලදිවයිනේ ඩොලර් 700ක් පමණ අය කර ගන්නවා. එසේ නම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මෙන්ම මිලද ඉහළ නංවා ගත යුතුයි.”

“මම ජනාධිපති ධූරයේ වගකීම භාර ගැනීමෙන් පසුව ණය අර්බුදයෙන් රට බේරා ගැනීම පමණක් නොව නව ආදායම් උපයා ගැනීමේ මාර්ග සකස් කිරීමේ වගකීම ද මට පැවරී තිබුණා. කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආදායම් ලබා ගැනීමට කාලයක් ගත වෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් අපට කඩිනමින් එම දායකත්වය ලබා ගත හැකියි.“

“ඒ නිසා අපේ අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ආදායම් උත්පාදනය කර ගෙන ජනතා අවශ්‍යතා සපිරිමයි. මේ වසර අවසන් වන විට මෙරට සංචාරක හෝටල්වල කාමර පිරී යන තරමට සංචාරකයන් පැමිණිය හැකියි. එය දැන් සිදු වෙමින් පවතිනවා. ලබන වසර වන විට සංචාරකයන්ගෙන් කාමර පිරී යාම පමණක් නොව ඉන් ලැබෙන ආදායම දෙගුණයක් බවට පත්කරගත යුතුව තිබෙනවා.”

“මහනුවර ඓතිහාසික දළදා පෙරහර හා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නිසා මෙම වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරක හෝටල් වෙන් කර තිබෙනවා. නත්තල් සමයේ දී මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට මෙන්ම ලෝක ප්‍රසිද්ධ කලා කරුවන් මෙන්ම සංගීතවේදීන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා. බටහිර ලෝකයේ ප්‍රධාන සංගීතඥයෙක් වන             ඇන්ඩ්‍රේ බුචෙලි  ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණෙන  බව මේ වන විට තහවුරු කර තිබෙනවා. “

“ඒ වගේම ගාලු සාහිත්‍ය උළෙල ඇතුළු වැඩසටහන් රැසක් රට පුරා පැවැත්වෙනවා. අප මෙයින් අපේක්ෂා කරන්නේ සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගෙන රටට අවශ්‍ය මුදල් උත්පාදනය කර ගැනීමයි. ඒ සමගම මෙය ආදායම් මාර්ගයක් මෙන්ම රැකියා මාර්ගයක් බවට ද පත් කළයුතුව තිබෙනවා. ඒ සඳහා තරුණ තරුණියන් වැඩි වශයෙන් පුහුණු කළයුතුයි. ඇතැම් අවස්ථාවල මෙය විදේශ රැකියා සඳහා ගමන් බලපත්‍රයක් බවට පත් කර ගෙන තිබෙනවා. තමන්ගේ අනාගතය ගොඩනඟා ගන්නා අතරම මෙම කටයුතු සඳහා ද දායකවීමේ වගකීම සියලුදෙනාට තිබෙනවා. “

“මෙරට සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර දියුණුවක් වෙනුවෙන් නව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබෙනවා.”

“ඒ වගේම තමන්ගේ නිවසේ කාමරයක් දෙකක් සංචාරකයන් වෙනුවෙන් වෙන් කර ඉහළ ආගන්තුක සේවාවක් සැපයීමට ජනතාව සුදානම් නම් සහ ඒ සඳහා ඩොලර් සියකකට වැඩිය අය කිරීමක් සිදු කළ හැක නම් එම කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය  ලබා දීමට රජය කටයුතු කරනවා. “

“සංචාරක කර්මාන්තයේ ඉලක්ක ඉටු කර ගැනීමට ප්‍රමුඛ අවධානයක් යොමු කරන අතර කෙටි කාලීන අදායම් සහ රැකියා මාර්ග උදා කිරීම වෙනුවෙන් සම්පත් යෙදවීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සියලුදෙනාගේ සහාය ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. “

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) උදෑසන යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා  පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

පවතින වියළි කාළගුණය හේතුවෙන් වනෝද්‍යානයේ පිහිටි සිඳී ගොස් ඇති ජල පොකුණු වෙත ජලය මුදාහැරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක අතර එම කටයුතු ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු   සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්  ද ඊට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වඩා හොඳ අනාගතයක් උදෙසා භූතානයේ අධ්‍යාපනය හා සිවිල් සේවය ප්‍රතිසංස්කරණය වේ

Next Post

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් නිස්සංක විජේසිංහ  කළුතරදි ජාතික ජන බලවේගයේ වේදිකාවට නගි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.