තරුණ තරුණියන් විදේශ රටවල්වලට යන පසුබිමක, එරට අධ්‍යාපනය හා සිවිල් සේවාවේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් වඩාත් හොඳ අනාගතයක් තරුණ තරුණියන් වෙනුවෙන් සැකසීමට භූතානය ක්‍රියාකරමින් තිබෙන බව ‘භූතාන් ලයිව්’ වාර්තා කරයි. මේ වන විට භූතානයේ වයස අවුරුදු 15-24ත් අතර තරුණ පිරිස් 200 000 පමණ සිටින අතර ඔවුන් වර්ධනය වෙන්නේ රටේ සියලුම ක්ෂේත්‍රයන්ගේ පාහේ විශාල ප්‍රතිසංස්කරණයන් සිදු වෙන පසුබිමක ය. බොහොමයක් තරුණ පිරිස් විදේශ රටවල, අවස්ථාවන් සොයමින් රටෙන් පිටව යන ආකාරය ඔවුන් දකින නිසා සමහර තරුණ පිරිස් පවසන්නේ ඔවුන් හැදී වැඩෙන්නේ අවිනිශ්චිත කාල සීමාවක බවයි. කෙසේ වෙතත් භූතාන් ලයිව් සඳහන් කරන්නේ තරුණ පිරිස්වලයට යහපත් හෙට දවසක් උදා කිරීමට රට ක්‍රියා කරමින් සිටින මොහොතක, ජනතාව විදේශයන්ට යෑමත් තරුණයින් එසේ සිතීමත් කණගාටුවට කරුණක් බවයි.
ජනතාව මෙලෙසින් රටින් පිටව ඕස්ටේ්‍රලියාව වැනි රටවලට යෑම, රට තුළ ප්‍රශ්න කිහිපයක් නිර්මාණය කර තිබේ. ප්‍රධාන වශයෙන් මින් පෙර තිබූ රැකියා හිඟය නිම වී නව රැකියා අවස්ථා රැසක් නිර්මාණය වෙද්දී රටෙහි ශ්‍රම හිඟයක් ඇති වී ඇතැයි රිග්සින් නිමා නම් ශිෂ්‍යයෙකු පවසා ඇත. තවත් ශිෂ්‍යයෙකු පවසා තිබුණේ මෙලෙස රටින් පිටව යෑම සාමාන්‍ය දෙයක් බවයි.
“පැහැදිලිවම මට පේනවා අපේ රටේ සිදුවෙමින් පවතින පරිවර්තනය.. එය උතුමාණන්ගේ දැක්ම නිසා එය අපේ රටට විශාල බලපෑමක් ඇති කරයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා..” තින්ලි ජම්ට්ෂෝ නම් ශිෂ්‍යයා පැවසීය.
“රටේ සිදුවෙමින් පවතින පරිවර්තනය අපේ රට සංවර්ධන ප්‍රගතිය කරා ගමන් කරන බවට ඇඟවීමක් බව මම විශ්වාස කරමි…” රිග්සින් සඳහන් කරයි.