පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ශ්‍රේෂ්ඨාධිකණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබේ.
එම පෙත්සමවෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනෙක් වගඋත්තරකරුවන් සේ නම් කර ඇත.
තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කරන අවස්ථාවේ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ බවට චෝදනා කරමින් බව ඇය අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් ක්‍රියා නොකළ බවට පෙත්සම් කාරිය චෝදනා කරයි.
මෙම තීරණය මඟින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති බව ඇය පවසයි.
ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.