බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි දිනුම්… බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 20කින් පරදිති!

by editor
නොවැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කලෙකින් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු තරගයක් වින්දනය කළහ. ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලැබූ පරාජයන් තුනකින් අනතුරුව ජයග්‍රහණයක් අත් කරගෙන ඇත. ඊයේ (04) ඩුබායිහි දී පැවති බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20ක  ජයග්‍රහණයක් ලැබීය.

කාසියේ වාසිය හිමි කරගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තෝරා ගත්හ. කාලයකින් මනරම් පිතිකරණයක ආශ්වාදය ක්‍රීඩා ලොලී අපට විඳගන්නට ලැබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී ලකුණු 189ක් ලබා ගත්තේය. ඒ කඩුලු 03ක්  පමණක් දැවී යමිනි.

ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් සහ පැතුම් නිශ්ශංකය.  මිකී ආතර් ඊයේ කිව්වේ කුසල්ට සුපුරුදු රිද්මයට එන්නට පන්දු 20ක් ප්‍රමාණවත් බවය. කුසල් පන්දු 21කට මුහුණ දුන්නේය. ලකුණු 29ක් ලබා ගත්තේය. එහෙත් ඔහු සිය රිද්මයෙහි ස්ථාවර වූයේ නැත. ඒ එක් හයේ පහරක් සහ හතරේ පහර දෙක්ක සමගින් ලකුණු 29ක් ලබා ගත් කුසල්  පළමු කඩුල්ල  ලෙස දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 42 දී ය.

අනතුරුව සුපිරි වටයේ මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ හොඳම ඉනිම දක්නට ලැබිණි. පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක විශිෂ්ට ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  පැතුම් නිශ්ශංක ලකුණු 51 ලබාගත්තේය. ඒ පන්දු 41ක දීය. ඊට මනරම් හතරේ පහර 5ක් ඇතුළත් විය. දෙවන කඩුල්ල ලෙස පැතුම්   දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 133 කි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

චරිත් අසලංක

චරිත් අසලංකට දසුන් ශානක එක් විය. ශ්‍රී ලංකා ඉනිමේ දෙවන අර්ධ ශතකය චරිත් අසලංක ලබා ගත්තේය. ඔහු පන්දු 41ක දී ලකුණු 68ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගිනි.  චරිත් තුන්වන කඩුල්ල ලෙස ලකුණු 179 දී දැවී ගියේය. ඒ වනවිට ඉනිමේ පන්දු ඕවර 18.4ක් යවා තිබිණි. දසුන්ට චාමික කරුණාරත්න එක් වුනේය.  දසුන් ශානක පන්දු 14ක දී වේගවත් ලකුණු 25ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී සියලුම  බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් ප්‍රහාරයට ලක් විය. ජේසන් හෝල්ඩර් පන්දු ඕවර 04 තුළ ලකුණු 37ක් දී කඩුලු 2ක් දවා ගත්තේය. ඩ්වයින් බ්‍රාවෝ පන්දු ඕවර 4 තුළ දී ලකුණු 42ක් දී කඩුල්ලක් දවා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 03ක් දැවී   ලකුණු 189ක් ලබා ගත්තේය. ජයග්‍රහණය සඳහා  ලකුණු 190ක ඉලක්කයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා දුන්නේය.

දසුන් සහ චරිත්..

දකුණු අප්‍රිකානු ඉනිම ඇරඹුනේය. ආරම්භක පිතිකරුවන් වූයේ  ක්‍රිස් ගේල් හා එවින් ලෙවිස්ය. ශ්‍රී ලංකා ආරම්භ පන්දු යවන්නා මහීෂ් තීක්ෂණය.

පළමු පන්දු ඕවරයේ  ඔහු ලබා දුන්නේ එක ලකුණක් පමණි.  අනෙක් අන්තයෙන් දෙවන ඕවරය ආරම්භ කළේ බිනුර ප්‍රනාන්දුය. බිනුර ක්‍රිස් ගේල්ව දවා ගත්තේය. ගේල් එක ලකුණකට දැවී යන්නේ වනිඳු හසරංග අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

අනතුරුව එම පන්දු ඕවරයේම බිනුර එවින් ලෙවිස්වත් දවා ගත්තේය. ලකුණු 08කට එවින් ලෙවිස් දැවී ගියේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 10කි.

අනතුරුව නිකොලස් පූරාන් සහ රොස්ටන් චෙස් එක්විය. චෙස් ලකුණු 09ක් ලබා සිටිය දී චාමික කරුණාරත්න  ගේ  පන්දුකට  භානුක රාජපක්ෂ අතට උඩපන්දුවක් දී දැවී ගියේය. 5වන ඕවරයේ 3 වැනි පන්දුවේ දී ඔහු දැවී යනවිට මුලු ලකුණු සංඛ්‍යාව 47කි.

නිකොලස් පූරාන් වේගවත් ප්‍රහාරයක් දියත් කළේය . ආරම්භයේ දීම පුරාන් ලබා දුන් උඩපන්දුව මහීෂ් තීක්ෂණ අතින් ගිලිහීනි. ඒ අවසරයෙන් ප්‍රයෝජන ගත් පුරාන් පන්දු 34ක දී ලකුණු 46ක් ලබා ගත්තේය. පුරාන්ගේ ලකුණු 46ට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එක් විය.

මේ ඉනිමේ අතිශය සටන්කාමී  උද්වේගකර පිතිකරණය දුටුවේ ශිම්රොන් හෙත්මයර්ගෙනි.  හෙත්මයර්  අවසාන පන්දු ඕවරය තෙක් තරගය අත් නොහැරියේය. එක් අන්තයකින් කඩුළු බිඳවැටෙද්දී ඔහු හුදකලාව දැවැන්ත අභියෝගයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල කළේය. ඔහුගෙන් බටකට පුරා ගුටි නොකෑවේ වනිඳු හසරංග පමණි. හෙතමයර්  පන්දු 54ක දී නොදැවී ලකුණු 81ක් රැස් කළේය . ඊට හතරේ පහර 08කි. හයේ පහර 04කි.

ශිම්රොන් හෙත්මයර්ගෙ

එහෙත් හෙත්මයර්ගේ තන් ප්‍රයත්නය ජයග්‍රාහී කෙළවරකට කණ්ඩායම රැගෙන ගියේ නැත.

වනිඳු හසරංග යළිත් වරක් ලොව හොඳම  විස්සයි 20 පන්දු යවන්නා තමන් බව පෙන්වීය. ඔහු පන්දු ඕවර 4ට ලබා දුන්නේ ලකුණු 19ක් පමණි. කඩුලු දෙකක් ලබා ගත්තේය. නායක කිරාන් පොලාඩ් වනිඳුට මුහුණ දුන් මුල් පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය. වනිඳු හමුවේ කිරන් පොලාඩ් සහ ඩ්වයින් බ්‍රාවෝ දැවී යන්නේ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු  පන්දු ඕවර 02  යැවූ  බිනුර ප්‍රනාන්දු ලකුණු 24කට කඩුළු 02ක්, දසුන් ශානක ලකුණු 18ට කඩුල්ලක්  දවා ගත්තේය. පන්දු ඕවර 4 යැවූ දුෂ්මන්ත චමීර ලකුණු 41ට කඩුල්ලක්, චාමික කරුණාරත්න ලකුණු 44ට කඩුලු 02ක්, දවා ගත්තේය.

මහේෂ් තීක්ෂණ සිය පන්දු ඕවර 4 ලකුණු 21කට සීමා කළත් කඩුලු ලබා ගත්තේ නැත.

පන්දු ඕවර 20 අවසානයේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 169කට සීමා වූහ. ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක් ලැබිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 190ක් හඹා යති…

Next Post

ස.ජ.බ.ට එරෙහිව ඩයනා අධිකරණයට යයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.