ශ්‍රියානි විජේසිංහ –
ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමෙන් පසුව ප්‍රශ්න පත්‍රයේ තිබු ප්‍රශ්න ගැන විමසමින් දරුවන්ව පරික්ෂාවට ලක් නොකරන්නැයි ළමා මනෝ වෛද්‍ය විශේෂඥ මියුරු චන්ද්‍රදාස සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
4 වසරට සාපේක්ෂව 5 වසර තුළදී පීඩාකාරි අවස්ථාවන් දෙගුණයකින් වැඩි වී ඇති බවත් මෙයට හේතු වී ඇත්තේ දරුන්ට විෂය කරුණු වටහා ගැනීමට නොහැකි වේගයෙන් ඉගැන්විම, ප්‍රශ්න පත්‍ර රැසකට යොමු කිරිම , අධික බලාපොරොත්තු වෙත දරුවන් ඇදගෙන යාම වැනි කරුනු බවත් වෛද්‍යවරයා පෙන්වාදේ.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත්වන දිනයේදී දරුවා විභාගය සමත් වුවත් නැතත් දරුවාට හැකි අයුරින් පුංචි තෑග්ගක් ලබා දීමට සියලුම දෙමාපියන් කටයුතු කරන්නේ නම් එය දරුවාගේ මානසික සුවතාවයට හේතුවක් වන බවද පවසා සිටියි.
දරුවා විභාග අසමත් වී ඇත්නම් අසල්වැසියන්ට හෝ නෑදෑයින්ට දරුවාගේ හිත රිදවීමට ඉඩ ලබා නොදෙන්නැයිද වෛද්‍යවරයා දෙමාපියන්ට දැනුම් දී සිටියි.
අවුරුදු 10 සහ 9 වයස්වල පසුවන දරුවන් විශාල වශයෙන් සායන වෙත එන බවත් ඔවුන් පැමිණෙන්නේ හිසේ කැක්කුම, උදරයේ වේදනාව හෝ බෙල්ලේ වේදනාව යැයි පවසමින් බවත් මෙම කායික වේදනාවන්ට හේතුව හිතේ ඇතිවන පීඩනය බවත් වෛද්‍ය මියුරු අවධාරණය කරයි.
මේ වන විට දරුවන් 5 ගෙන් 1 අයෙක් මානසික පීඩාකාරි තත්ත්වයකට හෝ ළමා මනෝ වෛද්‍ය ගැටලුවකින් පීඩා විදින බව කරන ලද පර්යේෂණයන්ගෙන් හෙලිව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.







