සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පැන්නූ සැකකරුවන් 02 ලබන 22 තෙක් රිමාන්ඩ්!

by editor
ඔක්තෝබර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම්  අධ්‍යක්ෂවරයා සහ පුද්ගලික පන්ති පවත්වන පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මගින් කළ විමර්ශනයකින් අනතුරුව අත් අඩංගුවට ගනු ලැබුවේය.

පසුගිය  2024 සැප්තැම්බර් මස 15 වන දින පවත්වන ලද 05 වසර ශිෂ්‍යත්වය විභාගයට අදාල ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ වීමට පෙර පිටවීමට අදාලව ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු 2024.09.19 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබිණි.  පොලිසිය එයට අදාල විමර්ශන කටයුතු එදිනම ආරම්භ  කළේය.

ඒ අනුව මේ පිළිබඳ විමර්ශන සිදු කර 2024.09.22 වන දින කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 58 ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පුද්ගලයා විය.

එසේම ඔහු 05 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සැකසීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරතිබුණු  බව ද පොලිසිය අනාවරණය කරගත්තේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

එමෙන්ම 2024.09.24 වන දින අලව්ව තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන සැකකරුවෙකු අත්අඩංගුව ගත් අතර ඔහු රජයේ පාසලක ගුරුවරයෙකු සේම උපකාරක පන්ති පවත්වනු ලබන ගුරුවරයෙකු ද විය.

මෙහි පළමු සැකකරු විසින් 05 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සැකසීමට ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න 07 ක් මෙහි දෙවන සැකකරු වෙත ලබා දී තිබුණු බව විමර්ශනවලදී හෙළි විය.

පළමු සැකකරු ලබා දුන් ප්‍රශන් 07 න් ප්‍රශ්න 03ක් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 05,13 හා 27 ලෙස ඇතුළත්ව තිබූ බවත්,  උපකාරක පන්ති පවත්වන දෙවන සැකකරු විසින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනට පෙර සකස් කර තිබූ ආර්දශ ප්‍රශ්න පත්‍රයක 02,05 සහ 06 ලෙස ඉහත ප්‍රශ්න ඇතුළත්ව තිබී ඇති බවත් එය සමාජ මාධ්‍ය මඟින් ඔහු විසින් පරිපාලනය කරන සමූහයක් වෙත යොමු කර ඇති බවත් විමර්ශන අංශ අනාවරණය කරගත්තේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.10.07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝගක කළ අතර අද යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනා යළි එළඹෙන 22 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය සදහා සහරාන්ලට පුපුරණ ද්‍රව්‍ය නිකුත්කළ අයගේ කැන්සල් කළ බලපත්‍ර ටික දවසකට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් යලිත් ලබා දුන්නා… සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදය හෙළි කරන කතාවක්!

Next Post

ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලැබේ!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.