සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය සදහා සහරාන්ලට පුපුරණ ද්‍රව්‍ය නිකුත්කළ අයගේ කැන්සල් කළ බලපත්‍ර ටික දවසකට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් යලිත් ලබා දුන්නා… සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදය හෙළි කරන කතාවක්!

by editor
ඔක්තෝබර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයෙන් පසු  සහරාන් කල්ලියට පුපුරණ ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයින් හඳුනාගෙන  ඔවුන්ගේ බලපත් තහනම් කළ නමුත්    ටික කාලෙකට පසු ආරක්ෂක අමාත්‍යාංශය එම  චූදිත පුද්ගලයින්ට යළිත් පුපුරණ ද්‍රව්‍ය අලෙවි කිරීමේ බලපත්‍ර ලබා දුන් බව සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදය සභාපති සූර්ය කුමාර විජේරත්න ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව  පුපරණ ද්‍රව්‍ය  අළෙවිකරුවන්ට පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය මගින් නතර  කළ බවත්  රටේ කළුගල් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු ඇන හිටීමෙන් ගැටලු රැසක් මතුවන තත්ත්වයක් තුළ  පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට රුපියල් ලක්ෂ 25 ක මුදලක් පගාවක් ලෙස හිටපු රජයේ ඇමතිවරයෙකුට ලබා දෙන්නට තමන්ට සිදුවන බවත් සභාපතිවරයා පැවසුවේය

සභාපතිවරයා මේ අනාවරණය කළේ  මහනුවර පේරාදෙණිය තානායමේ   දී සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදයේ නියෝජිතයින් විසින් කැඳවූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදයේ පුවත්පත් සාකච්චාව…

එහිදී එම සංසදයේ සභාපතිවරයා අනාවරණය කළේ  පුපුරණ ද්‍රව්‍ය අළෙවි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී පසුගිය රජය සමයේ රුපියල් බිලියන ගණනක වංචා සිදුව තිබෙන බවය.‍

ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව  සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදය ඉල්ලා සිටියේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“පුපුරණ ද්‍රව්‍ය ආනයනයේ දී බෙදා හැරීමේ දී සහ සහ බලපත්‍ර නිකුත් කිරීමේදී බිලියන ගණනක වංචා සිද්ධ වෙමින් තිබුණා.     ජනපතිවරණයට දින කිහිපයක් තිබිය දී හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පුපුරණ ද්‍රව්‍ය අළෙවි බලපත්‍ර ඔහු ගේ හා දේශපාලනඥයින් ගේ හිතවතුන්ට නිකුත් කළා.  එම බලපත්‍ර වලට අදාළව මහව සහ මහනුවර ප්‍රදේශ වල මේ වනවිටත් ගබඩා ඉදිකෙරෙමින් පවතිනවා. එම ගබඩා ඉදිකිරීම සම්බන්ධ පිරිවිතරයන් ගැන ගැටලුත් තියනවා. “

“මෙම ක්ෂේත්‍රයේ පවතින වංචා,දූෂණ හා ගැටලු පිළිබඳව පුපුරණ ද්‍රව්‍ය පාලක වශයෙන් කටයුතු කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට කාලයක් තිස්සේ උත්සහ කළත් ඔහු කිසිවෙකුට හෝ ඇහුම්කන් දුන්නේ නැහැ. මෙම ප්‍රශ්න සම්බන්ධව මාධ්‍ය හමුවේ හෝ ප්‍රකාශ කිරීමට නොහැකි වාතාවරණයක් රටේ පැවැතුණා.  එම අවස්ථාවේ ආරක්ෂක ලේකම්ට හෝ රජයේ ඇමැතිවරයෙකුට චෝදනා කළා නම් අපේ  බලපත්‍ර අහෝසි කරනවා. “

“වංචාව හා දූෂණය පිටු දැකීමට කටයුතු කරමින් සිටින වත්මන් ජනපතිවරයා යටතේ අපේ  ගැටලු වලට සාධාරණ විසඳුමක් ලැබෙයි කියා අපි හිතනවා. “ ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදයේ තාවකාලික ලේකම් රාජපක්ෂ සිඩ්නි ගුණතිලක   අදහස් දක්වමින්  පෙන්වා දුන්නේ පුපුරණ ද්‍රව්‍ය අළෙවි නියෝජිතයින් 82 නෙකු ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටින  බවය.

“ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ඩොලර් හිඟය නිසා ඇමෝනියම් නයිට්‍රේට් හිඟ වුණා.  එතෙක්  වෙළෙඳ අමාත්‍යාංශ්‍ය යටතේ තිබුණු  රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් පමණක් කළ ආනයන කටයුතු පෞද්ගලික අංශයටත් ලබා දීමට තීරණය කළා. “

“ඒ අනුව දේශපාලනඥයින් ගේ හිතවතුන් මෙරටට අමෝනියම් නටිට්‍රේට් ආනයනය කළා. රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් රුපියල් 910 ට ලබාදුන් කිලෝව රුපියල් 2117 ට අළෙවි කරමින් අධික ලාභයක් ඔවුන් ලබා ගත්තා.    පෞද්ගලික ව්‍යාපාරිකයින් පුපුරණ ද්‍රව්‍ය වලින් අධික ලාභ තබා ගෙන විකුණත් දී  ආරක්ෂක ලේකම් හෝ කැබිනට් මණ්ඩලය හෝ කිසිදු පියවරක් ගත්තේ නැහැ. “

සමස්ත ලංකා පුපුරණ ද්‍රව්‍ය අළෙවිකරුවන් ගේ සංසදයේ සාමාජික ලක්ෂ්මන් ලංකාතිලක,  කේ.ඩී.එන් ක්‍රිෂාන්ත මෙහිදී අදහස් දැක්වූහ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සනා මාස 18කට ශ්‍රි ලංකා හෙඩ් කොච්… පත්වීම අද ලැබෙයි!

Next Post

ශිෂ්‍යත්ව ප්‍රශ්න පැන්නූ සැකකරුවන් 02 ලබන 22 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.